Thursday, August 12, 2010

සෙබළ කණ්ඩායමක් සොයන්න යමු (RAVEN SQUAD)




මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාව. මේක මීට අවුරුද්දකට කලින් ආපු එකක්.

ඇමේසන් වනාන්තරයට කඩා වැටෙන ගුවන් යානයක සිටින විශේෂ ඇමෙරිකානු නියෝජිතයන් පිරිසක් ගලවා ගැනීමට එම වනාන්තරයට ඇතුළුවන කමාන්ඩෝ භට කණ්ඩායමක මෙහෙයුමක් පාදක කොට ගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.






ඇමේසන් වනයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලියක් මෙම නියේජිත පිරිස හා රහස් තොරතුරු අත්තඩංගුවට ගනී. ඇමෙරිකානු රජය විසින් මොවුන්ව බේරා ගැනීමට මෙම භට කණ්ඩායම පිටත් කරයි. ක්‍රීඩකයාට, හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකත්වය ගැනීමට සිදු වේ.






මොවුන් ගමන් කරන යානාවට ද ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි. මෙහි දී සියලු ම භටයින් දිවි ගලවා ගන්නා අතර එතැන් සිට ක්‍රීඩාව ආරම්භ වේ. නායකයා මුලින් ම කල යුත්තේ නියෝජතයින් ගිය යානය වැටුනු දිශාව සොයා ගැනීමයි. එයට අවශ්‍ය සියලු උපකරණ (Tools) ක්‍රීඩාව මගින් සපයයි.




ත්‍රස්තවාදීන් සමග සටන් කරමින් ඔවුන්ගේ කදවුරට ඇතුළු වී නියෝජිතයින් හා රහස් තොරතුරු නැවත අත්පත් කර ගැනීම වැනි සියලු දේ ක්‍රීඩකයා විසින් සිදු කල යුතු ය. මෙහි දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ කණ්ඩායමේ සියලු ජීවිත ආරක්ෂා කර ගනිමින්, තමන් සතු සීමිත පතරොම් ප්‍රමාණය රැක ගනිමින් උපක්‍රමශීලීව ත්‍රස්තවාදීන්ට මුහුණ දීමයි.

තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම් එකේ ත්‍රිමාන (3D) සජීවීකරණය ඉතාමත් ඉහල මට්ටමක පවතී. එමෙන් ම එහි Sounds ද ඊට දෙවැනි නොවේ.


ඔයාලත් මේක Play කරල ම බලන්නකෝ..........


ගේම් එකට Comment එකක් දාන්න අමතක කරන්න එපා.....
ඒ වගේ ම ලිපියට තරුවකුත් දාන්න.........

6 comments:

:l මේව විතරක් දාලනම් හරියන්නෑ සහෝ. වෙන මොනවහරිත් අතරින් පතර දාන්න. අනිත් එක ඔයා ඔයාගෙම ලිපිත් දාන්න. එළ.

බය වෙන්න එපා කොල්ලො මං ළගදි ම දානව මගේ එකක්...........

:o එහෙම වැඩක් නෑ. ඔය “ළඟදිම“ කියන එක නිසා තමයි හැමෝටම කෙලවෙන්නේ. අද හෙටම දාන්න. වෙන තැන්වලින් කොපි කරල විතරක් දාලා නම් හරියන්නෙ නෑ....

කොහොම උනත් දවස් කීපයයිනේ වෙන්නෙ. එහෙනම් මගෙන් Good Luck!

:g Thanks කොල්ලො........

Ane torrent eka weda nehelune.. wena eka nedda ?? :h

Sorry ආ.. මං Link එක වෙනස් කරා. දැන් බලන්නකෝ...

Post a Comment