Wednesday, August 11, 2010

නියම ගේමක් (Company Of Heroes)

මේක ඇවිල්ලා Map ගේමක්. ඒ කිව්වේ මේක Play කරන කෙනාට ගේම් එක දිස්වෙන්නෙ උඩිනු යි. මේ ගේම් එකේ අපිට කරන්න තියෙන්නෙ සම්පූර්ණ හමුදාවක් මෙහෙය වීමයි. සෙබලුන්‍ට අණ දෙමින්, අවශ්‍ය ස්ථානවලට ගෙන යමින්, නිසි ආකාර‍යෙන් සතුරන්ට පහර දෙමින් මනා සැලසුමක් ඇතිව ගේම් එක Play කිරීමට අවශ්‍ය සියලු උපාංග (Tools) මේ ගේම් එක තුලින් ලබා දේ.

මේ ගේම් එකේ දී තිබෙන සෑම මෙහෙයුමක (Mission) යම් කිසි ප්‍රදේශක් ලබා දේ. එම ප්‍රදේශය පුරා සියලු යුධ කටයුතු සිදු කරයි. එම ප්‍රදේශයේ යම් යම් ස්ථනවල තම හමුදාවේ ලාංඡනය සහිත කොඩිය සිටුවීමට ස්ථාන පිහිටුවා ඇත. සටන් කිරීමෙන් පසු එම කොඩිය සිටු වීමෙන් ප්‍රදේශය තුළ යම් කිසි සීමාවක් තම හමුදා බලයට යටත් වේ. යටත් කරගන්නා ප්‍රදේශ අනුව ක්‍රීඩකයාට ගේම් එක මගින් Points ලබා දේ. එම Points වැඩි කරගනිමින් තම හමුදා බලය වැඩි කිරීම ක්‍රීඩකයාට පැවරෙන වගකීමකි.


මේ ගේම් එකේ ත්‍රිමාන (3D) සජීවීකරණය ඉතාමත් ඉහල ය. එමෙන් ම මෙහි Sounds ද එය හා සමාන ය.


මාත් මේ ගේම් එක Play කරල තියෙනවා. මට මතක හැටියට Missions 15ක් විතර තියෙනවා. හැබැයි එක Mission එකක් ටිකක් දිගයි. 'සිරා' ගේම.

මේ ගේම් එකේ 3.7GB විතර තියෙනවා. ඔයාලත් මේක Play කරලා බලන්නකෝ.


ලිපියට තරුවක් දාන්න අමතක කරන්න එපා....

2 comments:

මැෂින් එකේ තත්ත්වය කොහොම තියෙන්න ඕනද?....

vga එක internal නම් intel(R) 82945G Express chipset family එකක් තියෙනම් හොදයි. සපරේට් 256MB වලින් ඉහල හොදයි. internal VGA වල මීට වඩා හොද එකක් තියෙ නම් තවත් හොදයි.

Post a Comment