Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Thursday, August 19, 2010

රේස් යමු... (DIRT-2)

රේස් යන්න කැමති අයට මේක හුගක් ගැලපෙනවා. DIRT 2 කියන්නේ මෝටර් රථ ධාවන තරගයක්. ගේම් එක ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ කෝඩ්මාස්ටර්ස් (Codemasters) ආයතනය යි. මෙහි දී ක්‍රීඩකයාට, මෝටර් රථ ධාවකයකු ලෙස විවිධ මෝටර් රථ ඛාණඩ යටතේ තරග කිරීමට සිදු වේ.
මෙම ක්‍රීඩාව මගින් සපයන අති දක්ෂ මෝටර් රථ ධාවකයින් 30 ක් සමග කරට කර තරග කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ. මෙහි දී ක්‍රීඩකයා, රථයේ කල යුතු වෙනස් කම් කරමින් තරගයට ආවේනික වූ නීති රීති අනුගමනය කල යුතු ය. සෑම තරගයක දීම ක්‍රීඩකයාට, මෝටර් රථ 2 ක් ලබා දේ. එනම් එකක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක් වුවහොත් අනෙක් රථය භාවිත කිරීමට හැක. මෙහි දී රථයට සිදු වන හානි අවම කර ගැනීම ක්‍රීඩකයාගේ වගකීමකි.
මෙම ක්‍රීඩාවෙන් හොදින් සැකසූ හා දුෂ්කර මාර්ග සහිත ධාවන පථ ලබා දේ. ක්‍රීඩකයා මේ සෑම මාර්ගයක ම, රථ හොදින් හැසිර වීම හා උපරිම දක්ෂතා පෙන්විය යුතු ය. තරගයට සහභාගී වීමට පෙර තරග සංවිධායකවරුන් රථය විශේෂ පරික්ෂාවකට ලක් කරයි. ක්‍රීඩකයා, රථය අනවශ්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇත්නම්, තරග වලින් ඉවත් කිරීම ද සිදු වේ. එවිට ක්‍රීඩකයාට ලැබෙන ලකුණු අඩු වේ.
මෙම ක්‍රීඩාව පුරාවට ම ත්‍රාසජනක සිදුවීම් වලට මුහුණ දීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා වේ. මේ ගේම් එක 'ඇත්ත ධාවන තරගවල' ස්වරූපය ගනී. ඒ වගේ ම මේකේ ත්‍රිමාන (3D) සජීවීකරණය මගින් ඇත්ත ධාවන තරගයක ස්වරූපය පෙන්නුම් කරයි. ඔයාලත් මේක Play කරල ම බලන්න...
පහත වීඩියෝ එක බැලුව ම මේ ගේම් එක මොන වගේ ද? කියල හිතාගන්න පුළුවන්....


Thursday, August 12, 2010

සෙබළ කණ්ඩායමක් සොයන්න යමු (RAVEN SQUAD)




මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාව. මේක මීට අවුරුද්දකට කලින් ආපු එකක්.

ඇමේසන් වනාන්තරයට කඩා වැටෙන ගුවන් යානයක සිටින විශේෂ ඇමෙරිකානු නියෝජිතයන් පිරිසක් ගලවා ගැනීමට එම වනාන්තරයට ඇතුළුවන කමාන්ඩෝ භට කණ්ඩායමක මෙහෙයුමක් පාදක කොට ගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.






ඇමේසන් වනයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලියක් මෙම නියේජිත පිරිස හා රහස් තොරතුරු අත්තඩංගුවට ගනී. ඇමෙරිකානු රජය විසින් මොවුන්ව බේරා ගැනීමට මෙම භට කණ්ඩායම පිටත් කරයි. ක්‍රීඩකයාට, හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකත්වය ගැනීමට සිදු වේ.






මොවුන් ගමන් කරන යානාවට ද ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි. මෙහි දී සියලු ම භටයින් දිවි ගලවා ගන්නා අතර එතැන් සිට ක්‍රීඩාව ආරම්භ වේ. නායකයා මුලින් ම කල යුත්තේ නියෝජතයින් ගිය යානය වැටුනු දිශාව සොයා ගැනීමයි. එයට අවශ්‍ය සියලු උපකරණ (Tools) ක්‍රීඩාව මගින් සපයයි.




ත්‍රස්තවාදීන් සමග සටන් කරමින් ඔවුන්ගේ කදවුරට ඇතුළු වී නියෝජිතයින් හා රහස් තොරතුරු නැවත අත්පත් කර ගැනීම වැනි සියලු දේ ක්‍රීඩකයා විසින් සිදු කල යුතු ය. මෙහි දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ කණ්ඩායමේ සියලු ජීවිත ආරක්ෂා කර ගනිමින්, තමන් සතු සීමිත පතරොම් ප්‍රමාණය රැක ගනිමින් උපක්‍රමශීලීව ත්‍රස්තවාදීන්ට මුහුණ දීමයි.

තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම් එකේ ත්‍රිමාන (3D) සජීවීකරණය ඉතාමත් ඉහල මට්ටමක පවතී. එමෙන් ම එහි Sounds ද ඊට දෙවැනි නොවේ.


ඔයාලත් මේක Play කරල ම බලන්නකෝ..........


ගේම් එකට Comment එකක් දාන්න අමතක කරන්න එපා.....
ඒ වගේ ම ලිපියට තරුවකුත් දාන්න.........

Wednesday, August 11, 2010

නියම ගේමක් (Company Of Heroes)

මේක ඇවිල්ලා Map ගේමක්. ඒ කිව්වේ මේක Play කරන කෙනාට ගේම් එක දිස්වෙන්නෙ උඩිනු යි. මේ ගේම් එකේ අපිට කරන්න තියෙන්නෙ සම්පූර්ණ හමුදාවක් මෙහෙය වීමයි. සෙබලුන්‍ට අණ දෙමින්, අවශ්‍ය ස්ථානවලට ගෙන යමින්, නිසි ආකාර‍යෙන් සතුරන්ට පහර දෙමින් මනා සැලසුමක් ඇතිව ගේම් එක Play කිරීමට අවශ්‍ය සියලු උපාංග (Tools) මේ ගේම් එක තුලින් ලබා දේ.

මේ ගේම් එකේ දී තිබෙන සෑම මෙහෙයුමක (Mission) යම් කිසි ප්‍රදේශක් ලබා දේ. එම ප්‍රදේශය පුරා සියලු යුධ කටයුතු සිදු කරයි. එම ප්‍රදේශයේ යම් යම් ස්ථනවල තම හමුදාවේ ලාංඡනය සහිත කොඩිය සිටුවීමට ස්ථාන පිහිටුවා ඇත. සටන් කිරීමෙන් පසු එම කොඩිය සිටු වීමෙන් ප්‍රදේශය තුළ යම් කිසි සීමාවක් තම හමුදා බලයට යටත් වේ. යටත් කරගන්නා ප්‍රදේශ අනුව ක්‍රීඩකයාට ගේම් එක මගින් Points ලබා දේ. එම Points වැඩි කරගනිමින් තම හමුදා බලය වැඩි කිරීම ක්‍රීඩකයාට පැවරෙන වගකීමකි.


මේ ගේම් එකේ ත්‍රිමාන (3D) සජීවීකරණය ඉතාමත් ඉහල ය. එමෙන් ම මෙහි Sounds ද එය හා සමාන ය.


මාත් මේ ගේම් එක Play කරල තියෙනවා. මට මතක හැටියට Missions 15ක් විතර තියෙනවා. හැබැයි එක Mission එකක් ටිකක් දිගයි. 'සිරා' ගේම.

මේ ගේම් එකේ 3.7GB විතර තියෙනවා. ඔයාලත් මේක Play කරලා බලන්නකෝ.


ලිපියට තරුවක් දාන්න අමතක කරන්න එපා....