Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label Feature. Show all posts
Showing posts with label Feature. Show all posts

Monday, October 18, 2010

මේ පාරෙන් යන අයට දෙවියන්ගේ ම පිහිටයි!!!

මං අද කියන්න යන්නේ පාලම් ගැන. මේව එසේ මෙසේ ඒව නෙවේ. ලෝකෙන් ම වඩාත් ම බිය ජනක බව උපදවන පාලම් දහයක් ගැන. මේව තියෙන්නේ නම් අපේ රටේ නම් නෙවේ. එහෙනම් කියවලා ම බලන්නකෝ....

අපේ රටේ 'සංගිලි පාලම්' හුඟ දෙනෙකුට නුපුරුදු නිසා ඒවායේ ගමන් කරද්දී අඩුවක් නැතුව බය වෙන්න නම් පුළුවන්. ඒත් ලෝකයේ අනතුරුදායක පාලම් ගැන බැලුවා ම අපේ රටේ 'සංගිලි පාලම්' කොයි තරම් හොඳ ද කියල හිතෙනවා. සංචාරකයින් බියට පත් කරවන, අනාරක්ෂිත ඒ වගේ ම ඇදහිය නොහැකි ස්‍ථාන යා කරමින් ඉදි කර ඇති පාලම් වර්ගීකරණයකට ලක් කර තිබේ. ඒ අනුව ගමන් කරන්නන් තුළ වැඩියෙන් ම බිය ඉපද වීමට සමත් පාලම් දහය තමයි මේ.

ප්‍රංශයේ අයිගුයිලේ ඩු මිඩි පාලම
අයිගුයිලේ ඩු මිඩි පාලම
මේ මතින් ගමන් කරන පුද්ගලයින් වඩාත් ම බියට පත් කරවන පාලම ලෙස සැලකේ. රය ඉදිකර ඇත්තේ ප්‍රංශයේ ඇල්පස් කඳුවැටියේ මුදුන් දෙකක් යා කරමින්. වාසනාවකට වගේ පාලම ඉතා කෙටියි. හරියට ම බැලුවොත් මේ පාලම පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 12,605 ක් ඉහළින් ය.


ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රෝයල් ජෝර්ජ් පාලම
රෝයල් ජෝර්ජ් පාලම
මෙය බය හිතෙන පාලම් අතරින් දෙවැනි තැන හිමි කර ගන්නවා. එය ඇමෙරිකාවේ ඉතා වැඩි ම උසකින් පිහිටි එල්ලෙන පාලම ලෙස වාර්තා වී තිබේ. එයට පහළීන් 'අරිකන්සාස් ගඟ' ගලා ගෙන යනවා, මහ පොළොවේ සිට බැලූ විට පාලම පිහිටා තිබෙන්නේ තට්ටු අනූවක ගොඩනැගිල්ලක් තරම් උසකිනි. මේ පාලම මතින් ගමන් කරන්නට ධෛර්ය සම්පන්න වන්නේ සුළු පිරිසක් පමණි.

ස්විස්ටර්ලන්තයේ ට්‍රිෆ්ට් එල්ලෙන පාලම
ට්‍රිෆ්ට් එල්ලෙන පාලම
මෙය අඩි 558 ක් දිග ය. මේ මතින් මිනිසුන් පයින් ගමන් ගත්තත් සංචාරකයින්ට නම් එය අතිශයින් භිතිය උපදවන ගමනක්. ඊට හේතුව හමා එන සුළං පහරින් මේ පාලම දරුණු ලෙස සෙලවීම යි. පසුගිය වසරේ දී ආරක්ෂිත කේබල් යොදා පාලම ශක්තිමත් කිරීමට ස්විස්ටර්ලන්ත රජය ක්‍රියා කර තිබුණි.

උතුරු අයර්ලන්තයේ කැරැක් අ රේඩ් රෝප් පාලම
කැරැක් අ රේඩ් රෝප් පාලම
මෙය උතුරු අයර්ලන්තයේ පිහිටා තිබේ. මේ පාලම හරහා ගමන් කරන්න සංචාරකයෝ ඉදිරිපත් වන්නේ කැමැත්තෙනි. එහෙත් යළි ආපසු ඒමේ දී වඩා දිග මාර්ගයක් ඔස්සේ මෝටර් රථය ධාවනය කිරීමට ඔවුන්ගේ මග පෙන්වන්නෝ සැදී පැහැදී සිටී. ඊට හේතුව මේ පාලම හරහා ගමන් ගත් අයකු යළිත් වරක් නම් ඒ මතින් ගමන් නොකිරීමයි. මේ පාලමට පහළින් 100m පමණ ඉහළට විහි දී ගිය උල් වූ ගල් රාශියක් පිහිටා තිබේ.

කැනඩාවේ කපිලානෝ එල්ලෙන පාලම
කපිලානෝ එල්ලෙන පාලම
මෙය සංචාරකයින් භිතියට පත් කරන්නක්. මේ පාලම වටේට ම කොළ පැහැ වනාන්තර යායක්. එහෙත් පාලමේ ගමන් කිරීම අභියෝගයක්. ඉතාමත් අලංකාර පරිසරයක තිබෙන පාලමක්.




ඇමරිකාවේ මිඩිගන් ප්‍රාන්තයේ මැකිනැක් පාලම
මැකිනැක් පාලම
මෙය සැතපුම් පහක් දිගයි. මේ සැතපුම් පහ පසු කරන තුරුම එහි ගමන් ගන්නා අයකුට දැක ගන්නට ලැබෙන්නේ විශාල ජල තලාවක් පමණි. ඒත් වැඩි උසකින් නොවේ. මීදුමෙන් පිරුණා ම මේ පාලම නැරඹීම ඉතාමත් අපහසු යි. මේ පාලම සැබවින් ම සංචාරකයින් භිතියට පත් කරන්න සමත්.


ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම
ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම
මේ පාලම තියෙන්නෙ මෙක්සිකෝවෙ. මෙය ඉදිකර ඇත්තේ ජර්මානු ඉංජිනේරුවරයෙකු වූ 'සත්තියාගෝ මින්ග්ගුයින්' ය. ඒ දහනව වැනි සියවසේ දී. මෙහි පළල අඩි දෙකයි. ඒත් දිග අඩි 1043 යි. මෙක්සිකෝව ධනවත් රටක් නොවන නිසා මෙහි නිසි නඩත්තුවක් සිදු වන්නේ නැත. මේ පාලමේ ඇති වඩාත් ම භයානක කම එයයි.

ඇමෙරිකාවේ ටේරිලන්ඩ් ප්‍රාන්තයේ මේස ජෙක් බේ පාලම
මේක තවත් බය හිතෙන පාලමක්. මේකෙ නම 'මේස ජෙක් බේ'. මේ පාලම බිය ජනක වන්නේ එය නිරතුරුව අධික චණඩ කුණාටුවලට නිරාවරණය වන නිස යි. අයහපත් කාලගුණය නිසා බොහෝ විට මේ පාලම නොපෙනී යයි. එවිට එහි ගමන් කරන්නන්ට දෙවියන්ගේ ම පිහිටයි. මේ පාලම මේරිලන්ඩ් ප්‍රාන්තයේ නැගෙනහිර හා බටහිර වෙරළ සම්බන්ධ කරනවා. දිගින් සැතපුම් පහක්.

වියට්නාමයේ වඳුරු පාලම
වඳුරු පාලම
මේ පාලමට මේ 'වඳුරු පාලම' කියන නම යෙදිල තියෙන්නේ, මේ පාලම මතින් ගමන් කිරීමට හැක්කේ වඳුරන්ට පමණක් කියලා බොහෝ දෙනා විශ්වාස කිරීමයි. මේව ඉතා උසැති තැන් යා කරමින් ඉදිකර තිබෙනවා. එහෙත් යොදා ඇත්තේ උණ බම්බු දෙකක් පමණ යි. එකක් මත පා තබමින් අනෙක් උණ බම්බුව අත්වැල ලෙස යොදා ගන්නවා.

පාකිස්ථානයේ හසායිනි පාලම
ලෝකයේ බියජනකම පාලම් අතරින් දහවැනි තැන දිනා ඇත්තේ මෙම පාලමයි. මෙය හන්සා නදියට ඉහළින් ඉදි වී ඇත. මෙම පාලම බිය ජනක ලෙස ජලය මතින් එල්ලෙමින් පවතී. සංචාරකයින්ට මෙය භිතිය ගෙන දුන්නත් පාකිස්ථන ජනතාව නම් මේ පාලම පහසුවෙන් තරණය කරනවා.

පාලම් දෙකක පින්තූර හොයාගන්න බැරි වුණා. ඒක නිසා දාන්න බැරි වුණේ. ඒකට කමක් නෑනේ. මං හිතනවා ඔයාල නොදැන හිටපු දෙයක් ගැන දැනගන්න ඇති කියල...... මේ වගේ අරුම පුදුම දේවල් අරගෙන තව ලිපියකින් ආයෙත් හමුවෙමු..........

"සිළුමිණ"
පත්තරයෙන්

Saturday, October 9, 2010

GPS අපේ ‍රටටත්....


මට හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි වුණානේ. ඒක නිසා අද මං ඔයගොල්ලන්ට හුඟක් වැදගත් ලිපියක් තමයි ලියුවේ. ඔයාල මේක කියවලා බලන්නකෝ..

අපි මෙතෙක් කල් Trip වගේ දුර ගමන් ගියේ පාරවල් ගැන හරි හැටි දැනුමක් නැතිවනේ. සමහර වේලාවල් වල දී අපට පාරවල් වරදින අවස්ථා බොහෝ. ඒක නිසා මේ අපහසුතාවෙන් මිදෙන්නට විශේෂ උපකරණයක් දැන් ලංකාවේ වෙළඳ පොළට හඳුන්වා දී තිබෙනවා.
GPS (Globle Position System) නමින් හඳුන්වන නවීන උපකරණය, අපි ඉන්නේ කොතැන ද අපට ආසන්න නගරය කුමක් ද යන්න සියලු තොරතුරු මෙයින් සපයනව. මෙතෙක් කල් මේ උපකරණය ලංකාවේ බහුතරයක් රථවාහන හිමිකරුවන් අතර ප්‍රචලිත ව තිබුනේ නෑ.
මෙතෙක් කල් රටේ ප්‍රදේශ ජාත්‍යන්තර මට්ටමෙන් සිතියම් ගත කිරීම ප්‍රමාද වූ නිසා GPS තාක්ෂණය ද ප්‍රමාද විය. එහෙත් දැන් සියලු බාධක ඉවත් වූ නිසා මේ තාක්ෂණය ආරම්භ වී ඇත.
GPS උපකරණය තම වාහනයට සවි කර ගැනීම ඉතාමත් පහසු ය. මෙය වාහනයේ ඉදිරිපස සවි කරන කුඩා උපකරණයකි. මෙයින් ලබා ගන්නා සංඥා දත්ත වාහනයේ අතුලත ඇති කුඩා තිරයකින් (රූපවාහිණී තිරයට සමාන) ලබා ගත හැක. මෙයට සංඥා ලබා ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනු ලැබේ.
මෙයින් සැලසෙන වාසි බොහෝ ය. ඔබ ගමනක් යන විට ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා ඇති සියලු ම මං සළකුණු, මාර්ග අවහිරතා මෙන්ම ගමනාන්තය දක්වා ඔබව සුරක්ෂිතව රැගෙන යාමට මං සාදා දෙයි. එපමණක් නොවේ මාර්ග පද්ධතියේ තදබදයක් හෝ ස්වාභාවික අවහිර තාවයක් තිබේ නම් ඒ පිළිබඳ වූ දත්තයන් සියල්ල ම කල් වේලා ඇති ව මෙයින් පෙන්වයි. එතැනින් නොනැවතී ගමනාන්තයට යා හැකි විකල්ප මාරගයක් ද පෙන්වා දෙනු ලැබේ. මෙම උපකරණයෙන් සිදු කරන්නේ මාර්ග පද්ධතිය පිළිබඳ දත්තයන් ලබා දීම පමණක් නොවේ. මාර්ගය දෙපස ඇති ATM යන්ත්‍ර, ප්‍රධාන පෙළේ ආයතන, බැංකු, හෝටල් මොනවා ද යන්න පිළිබඳ තොරතුරු ද මෙයින් පෙන්වා දෙයි.
බාහිර ව සවි කරන උපාංගයක් වන මෙහි කිසිදු මාසික ගාස්තුවක් අය නොකරයි. මෙම යන්ත්‍රය රුපියල් 35000 සිට 49000 දක්වා මිල ගණන් යටතේ ලබා ගත හැක.මෙහි සිංහල, ඉංග්‍රීසි, ජර්මන් ඇතුළු භාෂා කිහිපයක් අන්තර්ගත වේ. මෙහි සිංහල භාෂාව භාවිතා වීම ද සුවිශේෂී කරුණකි.
මේ උපාංගය මිල අඩු වාහනයේ සිට මිල අධික සුඛෝපභෝගී රථය දක්වා ඕනෑම වාහනයකට සවි කර ගත හැක. මෙම උපකරණයට වසරක වගකීමක් ආයතනය මගින් ලබා දෙන අතර වසරක කාලයෙන් පසු අවශ්‍ය නඩත්තු කටයුතු ද සපයා දෙනු ලැ‍බේ.
GPS උපකරණය මිල දී ගනු ලබන පාරිභෝගිකයා ලියාපදිංචි කරනු ලබන අතර ඔහුට එම උපකරණය තමාගේ වගකීම යටතේ ඕනෑම රථයකට සවි කර ගැනීමට හැකි වීම තවත් වාසියකි.
ඉදිරි කාලයේ දී GPS තාක්ෂණය අප රට තුල දී බහුල ව භාවිතා වීම, බොහෝ දෙනාට අතිශය ප්‍රයෝජනවත් වීම නියත ය.

Saturday, September 11, 2010

ටයිටැනික් සුනේ සුන් ? - අවසන් කොටස

මේකෙ පළමු කොටස මං ඔයාලට දුන්නනේ. දැන් මං දෙන්න යන්නෙ මෙහි අවසන් කො‍ටසයි. මේකත් කියෙව්ව ම ඔයාලට ටයිටැනික් ගැන හුගක් හොදට දැන ගන්න පුළුවන්.

ටයිටැනික් නැව ගිලෙන විට එහි දෙකට කැඩුණු ආකාරයට ම සාගර පත්ලේ තැන්පත් වී ඇති අතර එමගින් නැවේ ඇණියත්, අවරයත් දෙක ම වෙන් වී ඇත. දිය යට ඡායාරූප ගත හැකි, සියුම් ශබ්ද ආදිය පටිගත කළ හැකි අති නවීන කැමරා උපයෝගී කර ගෙන ලබා ගත් ඡායාරූප හෙළි කර ඇත්තේ මීට පෙර කිසිවකු නුදුටු ටයිටැනික් නැවේ කොටස් ය. මෙමගින් නැවේ කදේ ශක්තියත්, එය දිරාපත් වීමට ගත වන කාලයත් නිර්ණය කළ හැකි වී ඇත.
මුහුදු පතුලේ අසරණ ව වැතිරී සිටින ටයිටැනික් නැවේ දැව කොටස් කා දැමීම හා ලෑටි ගෑම භාර ගෙන සිටින්නේ විවිධාකාර වූ මාළුන් ය. නැවේ කදේ ඇති ලෝහ කොටස් බැක්ටීරියා වර්ග හා ක්ෂුද්‍ර ජීවීන් අයිති කර ගෙන ය. ඒ අතරට විවිධ පුස් වර්ග ද එකතු වී ඇත්තේ කැමැත්තෙනි. විශේෂයෙන් ම ක්ෂුද්‍ර ජීවීන් විසින් නැව් බදට කරනා හානිය කෙතරම් ද යත්, මළකඩ ආදිය නිශ්ශබ්ද ව කරන හානියට සම කළ නොහැකි තරම් ය. මළකඩ ලෝහ වලට වින කරන අතර ම රැස් කමින් අපද්‍රව්‍ය ද එකතු කරයි.
ඒ අතර ම ඉදිරිපස නැව් තට්ටුව ද ඉදිරි වසර 20 ඇතුළත අනිවාර්යයෙන් ම පුපුරා වැටෙන බවට සාගර විද්‍යාඥයෝ පවසති. දැනට ඉතිරි ව ඇති සුන්බුන් අතර තිබෙන ලෝහ අමු යකඩ බවට පත් වීමේ අවදානමක් ද පවතී. වඩාත් නරක ආරංචිය වන්නේ අංශු වශයෙන් දිය වෙමින් පවතින මේ ලෝහ සාගරයට එකතු වීමයි. ඊයම්, ලෝකඩ සහ පිත්තල සාගරයට එකතු කරමින් ටයිටැනික් නැව කරන්නේ නරකක් මිස අනෙකක් නම් නොවේ.
නැවේ සුන්බුන් විනාශ වී යාමට මිනිසුන් විසින් සිදු කළ අනුවණ ක්‍රියා ද බොහෝ සේ බලපා ඇත. නැවේ සුන්බුන් අතර තිබී සංරක්ෂණය පිණිස ලබා ගත් වටිනා දෑ මෙන් ම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පැහැරගෙන ගිය දෑ ද බොහෝ ය. ටයිටැනික් සිනමා පටය නිර්මාණය කරන ආකාරයේ සිදු වී ඇති යම් යම් සිදුවීම් ද මේ සදහා උදාහරණ වේ. සබ්මැරීන මගින් නැව මතට අනපේක්ෂිත ලෙස පතිත වීමෙන් සිදු වී ඇති හානිය ද අති විශාල ය. 1500 ක් තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය සොහොනක් බදු ස්ථානය, අතලොස්සක් විසින් විනෝද උයනක් බවට පත් කිරීම කණගාටුදායක බව පවසන්නේ සාගර විද්‍යාඥයෝ ය.
ඉතින් මේ ටයිටැනික් නැවට තමන්ගේ පාඩුවේ සිටින්නට ඉඩ දිය යුතු කාලය නොවේ ද? තමාට අයිති අතීත අයිතියත්, සුන්දරත්වයත් තුරුලේ හොවා ගෙන සාගර පත්ලේ නිදන්නට ටයිටැනික් මග බලා හිදී.

Wednesday, September 8, 2010

ටයිටැනික් සුනේ සුන් ? - පළමු කොටස


අද මං ඔයාලට ගෙනාවේ, මීට අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වෙච්ච දෙයක් ගැන පොඩි විස්තරයක්. 'ටයිටැනික් නැවට අද වෙනකොට මොකක් ද වෙලා තියෙන්නේ කියලා', ඕගොල්ලන්ට මේක කියෙව්ව ම දැනගන්න පුළුවන්. ටයිටැනික් ගැන දන්න අය වගේ ම නොදන්න අයත් ඉන්නවානේ... මේ විස්තරේ ඒ දෙගොල්ලන්ට ම දැන ගන්නයි...
සාගර පත්ල ඉතාමත් නිශ්ශබ්ද ය. බරසාර, අලංකෘත නැව මහල්ලෙකු මෙන් වැතිරී හති අරියි. කොළ පැහැති දිය සෙවල බැදුණු නැව් බද අතීරණාත්මකව වට පිට බලයි, මාළු රෑන් රෑන් නෑගම් යන්නට මෙන් පැමිණ නැව් බද උලා කති. දිය බුබුළු නගමින්, වතුර කළඹමින් මුහුදු පතුලට වන් නවීන කැමරා උපකරණ එතැන ඇති කළේ සුළු පාසු කලබයක් නම් නොවේ. වරල් ගස්සමින් මාළු රෑන් නැව් බදෙන් මෑත් වී ඈතට පීනමින් යන්නේ අවලාද නගමිනි.
"විකාර... මොනාට එනව ද මන් දා?"
අති නවීන කැමරා උපකරණ හරහා මා දුටු දසුනෙන් ඇති වූයේ කම්පනයකි. මේ මා දකින්නේ නැවේ පොදු කාමරයක් විය හැකි ය. සුන් මැද වූයේ කාන්තා පාවහන් යුගලකි. මදක් ඈතින් විශාල හිස පීරන පනාවකි. එතැන ම තවත් කුඩා පාවහන් යුගලකි. එපමණක් නොවේ, එතැන කුඩා වූත්, අලංකාරව තිබිණි යැයි සැක කළ හැකි ආකාරයේ අත් කණ්ණාඩියකි.
දැන් එතැන ඇත්තේ කෙටි කතාන්දරයකි. මම කතාව ගෙතීමට සිතා ඇස් පියා ගතිමි. එහෙත්, හාත් පසින් ඇසෙන සමූහ ඝෝෂාව ඒ සියල්ල අවුල් කර දමයි. පැරණි කතාව යට කරමින් දැන් අලුත් කතාවක් මතු වී ඇත.
පෞඪ ටයිටැනික් නැව මෙතෙක් කල් සුන් බුන් වශයෙන් දිය මත තැන්පත් ව තිබූ අතර අවට ලෝකයා සිනමා පට තනමින්, කතාන්දර ගොතමින් ඉන් සියලු ප්‍රයෝජන ලබා ගතී. එනමුත් ටයටැනික් නැවේ සුන්බුන් ද විනාශ වී යන්නට පටන් ගෙන ඇති බවට සාගර විද්‍යාඥයෝ අනතුරු අගවන්නට ගත් විට, යළිත් ලෝකය ම ඒ දෙස බලා කම්පා වූහ. එහෙත් මද වේලාවක් හිද යලිත් තම තමන්ගේ වැඩ පිළිබද අවධානය යොමු කරන්නට වූහ.
මුහුදුබත් වූ පසු
ටයිටැනික් නැවේ සුන්බුන් ද විනාශ වී යන්නට පටන් ගැනීම සමග මතු වූයේ තව කොපමණ කාලයක් ඒ සදහා ගත වේද යන සැකය යි. සෑම සියලු දෙනාටම මේ ගැන පළ කිරීමට මතයක් තිබිණි. සාගර විද්‍යා පර්යේෂකයකු වන බිල් ලෑන්ග් ට අනුව නැවේ ඇණිය තවත් අවුරුද්දකින් හෝ දෙකකින් කඩා වැටීමට පුළුවන. සෙසු අනාවැකි අනුව තවත් අවුරුදු සියයක් පමණ නැවේ ඇණිය විනාශ නොවී තිබිය හැකි ය.
උතුරු අත්ලන්තික් සාගර පත්ලේ නිදා සිටින ටයිටැනික් නැවේ සුන්බුන් විනාශ වෙමින් පවතින්නේ කොටස් වශයෙනි. නැවේ බද ප්‍රදේශය වෙතට දිගින් දිගට ම පතිත වන චණඩ දිය වැල්, ලෝහ කා දමන මුහුදු ජීවීන් සහ මිනිසුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් මේ සියල්ලට ම මුල් වී ඇත.
නැව් තට්ටුව, නැවේ අවරය ආදිය ඉතාමත් ඉක්මනින් කඩා වැටීය හැකි බවට දැනටමත් අනාවැකි පහළ කර ඇත. නැවෙහි කුඹ ගස පිහිටි ස්ථානයේ ඇති ආවරණය ආදිය ක්‍රමක්‍රමයෙන් විනාශයට පත් වෙමින් තිබේ.


ඊළග කොටසින් නැවත හමුවෙමු......

Wednesday, August 18, 2010

ඉන්‍ටnet ගැන විස්තරයක්....

මේ ලිපියෙන් Internet විස්තරයේ 3 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. මං ඔයාලට මේකෙ 1 හා 2 වන කොටස් දුන්නනේ. දැන් ඔයාල මේ අවසන් කොටසත් කියවලා ම බලන්නකෝ.


HTTP
‍ දැන් මං කියන්න හදන්නේ Internet වල තියෙන තවත් දෙයක් ගැන. ඒ තමයි http. එහෙනම් දැන් අහගන්නකෝ...

වෙබ් පිටුවක් මත වූ කිසියම් වචනයක් (Hyper-Text) මත Click කල විට එයට අදාල තවත් පිටුවකට යා හැක. මෙසේ ගෙන යන්නේ කවුද? මෙම කාර්යය සිදු කරනු ලබන්නේ එක්තරා පරිගණක වැඩසටහනක් මගිනි. මෙම වැඩසටහනට Hyper-Text Transport Protocol (HTTP) යැයි කියනු ලැබේ.

මේ අනුව HTTP හා HTML යනු එකට බැදුනු සංකල්ප 2 කි. නූතන වෙබ් තාක්ෂණයේ ප්‍රාණය රැදී තිබෙන්නේ මෙම සංකල්ප 2 ක මත ය. මින් එකක් නොමැති ව අනෙකට පැවතිය නොහැක.


HTML
වෙබ් තාක්ෂණය (Hyper-Text) තාක්ෂණය මත පදනම් වී ඇති බව ඔයාල දැනටමත් දන්නවා. කිසියම් ලියවිල්ලක් Hyper-Text තාක්ෂණයට අනුව සැකසීම සදහා භාෂාවක් අව්‍ශ්‍ය ය. මෙම කාර්යය Hyper-Text Mark-up Language (HTML) මගින් සිදු කෙරේ. වෙබ් පිටුවක නමෙහි අග කොටස '.html' ලෙස සදහන් කර ඇති නම් එය html වලින් සෑදූ එකකි.

අද තිබෙන MS-Word වැනි Packages මගින් සෑදෙන Files එකවර html ලෙස save කල හැකි. සාමාන්‍ය අක්ෂර සහිත ඒවාට වඩා Animation ආදිය අන්තර්ගත වෙබ් පිටු සෑදීම තරමක් අසීරු ය. නමුත් මෙවැනි සංකීර්ණ වෙබ් පිටු සෑදීම සදහා ද දැන් Packages තිබේ. ඒවායින් වෙබ් පිටු සෑදීම ඉතා සරල ය.

මේ අතර, JAVA වැනි භාෂාවක් සංකීර්ණ වූ බහු මාධ්‍යමය වෙබ් පිටු නිපදවීමට යොදා ගැනේ. ඒවා JAVA Applets ලෙස හදුන්වයි. මෙම ආකාරයට නිපදවන ලද වෙබ් පිටු JAVA Virtual Machine එකක් මත ධාවනය කරනු ලැබේ. එවිට අදාල තොරතුරු Web-browser එක මත දිස් වේ. කුමන ආකාරයෙන් නිපදවන ලද වෙබ් පිටුවක් Web-browser එකක් මත දී html මගින් හසුරවනු ලැබේ. එනම්, Web-browser එකට තේරුම් ගත හැකි භාෂාව html වේ.

Web URL
සෑම වෙබ් පිටුවක් සදහා ම අනන්‍යය ලිපිනයන් ඇත. එය Uniform Kesource Locator (URL) යන නමින් හැදින් වේ. ලිපිනයක් ප්‍රධාන අංග 2 කින් යුක්ත වේ. ඒවා Protocol වර්ගය හා ලිපිනය වේ. :// සලකුණ මගින් මේ අංග 2 ක වෙන් කරනු ලබයි.

protocol://hostname/path


මෙහි protocol යන්න http වේ. මේ අතර hostname/path මගින් ලිපිනය දැක් වේ. තව ද, hostname යනු පරිගණකයක් සදහා තෝරා ගත් නමකි. ඒවා මෙහි අඩවි ලිපින වේ. එහෙත් අඩවිය තුල තවත් වෙබ් පිටු තිබිය හැක. අදාළ අඩවියක් යටතේ වෙබ් පිටුවල ලිපිනයන් path එක මගින් දිය හැක. මෙහි දී සිදු වනුයේ අදාළ පරිගණකයක් මත Directory හා Sub Directories ඇසුරින් File එකක නමක් දැක්වීමකි. ඉහත File නාමයට html නැමැති දිගුවක් (Extension) දැකිය හැක.

පහත උදාහරණයෙන් මෙය තේරුම් ගත හැක.
http://www.ou.ac.lk/users/asoka.html මගින් අසෝක නැමැති පුද්ගලයාගේ වෙබ් පිටුවක් දැක් වේ. ඉහත, http://www.ou.ac.lk පරිගණකයෙහි users නැමැති Sub Directory එකෙහි අසෝකගේ (asoka.html) වෙබ් පිටුව තබා ඇත. වෙබ් එක මත වූ සෑම වෙබ් පිටුවකට ම එම ආකාරයට ම URL එක බැගින් ඇත.

Internet එකේ තියෙන සෑම විස්තරයක් ම මේ ලිපි පෙළට ඇතුලත් කිරීමට නොහැකි නිසා, මේ පිළිබද පොඩි විස්තරයක් ඉදිරිපත් කලා. මේ විස්තර ටික කියවලා තිබෙන දැනුම තව වැඩි කරගන්න ඇති කියල මං හිතනවා...
මේ වගේ තාක්ෂණය පිළිබද තොරතුරු රැසක් ඉදිරියේ දී, මගේ අඩවියේ දානවා.......
ඔයාල ඒවත් බලන්න, 'රවීගේ අඩවිය' ත් එක්ක දිගට ම "රැදිල" ඉන්න.........

Sunday, August 15, 2010

ඉන්ටnet ගැන විස්තරයක්....

ඔන්න මම පොරොන්දු වුණ විදියට ම කලින් ලිපියෙ 2 වන කොටස ගෙනාව. ඔයාල මේකත් කියවලා ම බලන්නකෝ....

අයිපී ලිපින (IP Addresses)

Internet එකේ තිබෙන තවත් විශේෂ දෙයක් තමයි අයිපී ලිපින කියන්නෙ. මෙමගින් Internet එකට සම්බන්ධ සෑම පරිගණකයක් ම වෙන් වෙන් ව හදුනා ගැනීම සිදු කරයි. මෙම ‍IP Addresses අංක කාණ්ඩ හතරක ආකාරයකට අර්ථ දක්වා ඇත. එම අංක ඛාණ්ඩ තිත් මගින් වෙන් කරනු ලැබේ. මෙහි එක් ඛාණ්ඩයක් තුළ වන උපරිම අගය 256 කි.

ජාත්ත්‍යන්තර සම්මුතියකට අනුව ඒ ඒ රටවලට හා පුද්ගලයන් වෙත IP Addresses පවරා දෙනු ලැබේ. මෙම කාර්යය INTERNIC (Internet Network Information Center) නැමැති ආයතනය මගින් සිදු කරනු ලබයි.


අංක වෙනුවට නාමයන්

අපි හැමෝට ම ලිපිනයන් සදහා නම් භාවිතය, අංක භාවිතයට වඩා හුරු ය. එම නිසා IP Addresses පහත ආකාරයට වූ නම් මගින් දක්වනු ලැබේ. එනම්, ඉහත ලිපිනය maths.ou.ac.lk ආකාරයට දැක්විය හැක. මෙය ඉතා පහසු ය. මෙම IP Addresses වල අංක ස්වභාවය හා නාම ස්වරූපය ගලපන විශේෂ පරිගණක වර්ගයක් අන්තර්ජාලයේ පිහිටුවා ඇත. ඒවා DNS (Domain Names Servers) ලෙස හදුන්වයි. මෙවැනි Server එකක් නොමැති ව අපට අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය නොහැක.

කිසියම් Server එකක් සමග Network කරනු ලබන, උප පරිගණක සදහා ලිපිනයක් දැක්වීම ඊළගට සලකා බලමු. සාමාන්‍යයෙන් මේ සදහා ක්‍රම 2ක් භාවිත වේ. එක් ක්‍රමයක් මගින් Web Site ලිපිනයන් ද අනෙක් ක්‍රමය මගින් E-Mail ලිපිනයන් ද දක්වනු ලැබේ. මේ සදහා අමතර සංකේත 2 ක් භාවිතා වේ. ඒවා නම්, // හා @ සලකුණු ය.

Internet එකට සම්බන්ධ වූ Web Sites නැමති පරිගණක දැක්වීම සදහා // සලකුණ ද E-Mail ලිපිනයන් දැක්වීම සදහා @ සලකුණ ද භාවිත කෙරේ.

WWW කියන්නෙ මොකක් ද ?

‍වෙබ් තාක්ෂණය විවිධ අර්ථ දැක්වීම් වලට ලක් කල හැක. වෙබ් තාක්ෂණය යනු අති දැවැන්ත තොරතුරු ගබඩාවක්, අන්තර්ජාලය මත වූ බහු මාධ්‍ය සම්පතක්, ඊළග සියවසේ ප්‍රධානත ම සන්නිවේදන මාධ්‍යයක් හා අන්තර්ජාලය මත වූ ඕනෑ ම සේවාවක් අනුබද්ධ කල හැකි තාක්ෂණයක් යන ආදී වශයෙන් අර්ථ දැක්වීම් කල හැක.

‍ ඉහත සියලු අර්ථ දැක්වීම් හා සසදන ආකාරයට තාක්ෂණික දෘශ්ඨි කෝණයකින් අන්තර්ජාලය අර්ථ දැක්විය හැක. එනම්, Hyper-Text නැමැති තාක්ෂණය භාවිතයෙන් Internet එක මත වූ පරිගණක සමූහයක් යා කර තැනූ පරිගණක ජාලය, WWW (World-Wide-Web) ලෙස හදුන්වනු ලැබේ.මේ අනුව තමන්ට කැමති ඕනෑම Web Site එකක් ඇමතිය හැක.

මේ අනුව පෙනී යන්නේ WWW යනු Internet එක මත වූ Site වර්ගයක එකතුවෙන් තැණුනු ජාලයකි. එහි විශේෂත්වය නම්, මෙම Network එක මත වූ Sites එකිනෙක සම්බන්ධ කර ඇත්තේ Hyper-Text නැමැති තාක්ෂණයක් මගිනි.


මං හිතනව ඔයාල මේ ලිපියෙන් Internet එක ගැන තිබුණු දැනුම තවත් වැඩි කර ගන්න ඇති කියල. මේ "Internet ගැන විස්තරයක්" කියන ලිපිය ටිකක් දිග නිසා අවසානය වන 3 වන කොටස, මම ළගදීම අඩවියේ දානවා......

මෙහි 3 වන කොටස සමගින් නැවත හමුවෙමු.......

Saturday, August 14, 2010

ඉන්ටnet ගැන විස්තරයක්....

ඔයාල බලනව ඇති මං මොකක් ද කියන්න හදන්නෙ කියල. මං අද කියන්න හදන්නෙ Internet (අන්තර්ජාලය) ගැන. එහෙනං හැමෝම අහගන්නකෝ.....

අන්තර්ජාලය (Internet) කියන්නෙ මොකක් ද ?


Internet කියන්නෙ ලෝකයේ විශාලතම පරිගණක ජාලයට. මෙයට ලක්ෂ සංඛ්‍යාත පරිගණක ජාල ගණනක් හා තවත් පරිගණක විශාල සංඛ්‍යාවක් සවි වී තිබේ. මෙම පරිගණක හා ජාල ගණන දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. Internet එක විවිධ සම්පත් වලින් පිරී ඉතිරී පවතී. මෙම සම්පත් අතරින් Software Programs මුල් තැනක් ගනී. ඔබට අවශ්‍ය Software බොහෝමයක් අද අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැක. බොහෝ ඒවා නොමිලේ ලබා දෙයි. අන්තර්ජාලය මගින් විවිධ තොරතුරු නිවසේ සිටම බලා ගැනීමට හැක. අලුත් සොයා ගැනීම් පිළිබදව තොරතුරු, ක්ෂණිකව ව්‍යාප්ත කිරීමට ද Internet යොදා ගැනේ.


මෙම Internet තාක්ෂණය විවිධ කාර්යයන් සදහා යොදා ගැනේ. Internet මගින් තොරතුරු තත්පර ගණනක දී ලොවට හෙළි කල හැක. එපමණක් නොවේ, සාමාන්‍ය තැපැල් සේවය මෙන් සිය දහස් ගුණයකින් වේගවත් මෙන් ම, වෛ‍‍ද්‍ය වාර්තා ආදිය වෙනත් රටක වෙසෙන විශේෂඥ වෛද්‍යවරයකු වෙත යවා උපදෙස් ලබා ගත හැකි තරමට ම Internet දියුණු වී ඇත. රූපවාහිනී විකාශන හා සාප්පු සවාරි යෑමට ද Internet ඉඩ සලසා දී තිබේ. සියලු සම්පත් සදහා මාවත සලසන ප්‍රබල මාධ්‍ය ලෙස අන්තර්ජාලය 'පෙරට' පැමිණ අවසන් ය.
"Internet කියන්නෙ මොකක් ද?" කියන ප්‍රශ්නයට දැන් කෙටි පිළිතුරක් දීමට හැක. ඒ තමයි, Internet කියන්නෙ, 'පරිගණක, පරිගණක ජාල පරිගණක වැඩසටහන්, තොරතුරු හා ඒවා භාවිතා කරන අය යන කොටස් වල එකතුවකි'.
අන්තර්ජාලය කෙතරම් විශාල වුවත් එයට අයිතිකරුවකු නොමැත. එහෙත්, අන්තර්ජාලයට තම පරිගණක සවිකර ඇති නම් එම පරිගණකයෙහි අයිතිය තමාට පවත්වා ගත හැක. Internet එකට සවි කල සෑම පරිගණකයකට ම අනන්‍යය ලිපිනයක් ඇත. එය හදුන්වන්නේ 'IP Address' ලෙස ය.


තව Internet ගැන විස්තර හුගක් තියෙනව කියන්න. ඒ විස්තර කියන්නෙ ඊළග කොටසෙන්. ඔයාල මේක කියවන්නකෝ. ඊළග කොටසෙන් ඉතුරු ඒවා......

"ඉන්ටnet ගැන විස්තරයක්" 2වන කොටස ළගදීම......."

ලිපියට Comment එකකුත් තරුවකුත් දාන්න අමතක කරන්න එපා..........

Monday, August 9, 2010

Firefox 4

මෙය Firefox වෙබ් බ්‍රව්සරයේ අලුත් ම සංස්කරණය වන Firefox 4.0 ය. මෙය අත්හදා බැලී‍මේ සංස්කරණය හෙවත් බීටා සංස්කරණය වේ.

මෙහි අලුත් ගුණාංග රැසක් ඇතුලත් කර ඇත. මෙය "එරෝග්ලාස්" හෙවත් විනිවිද පෙනෙන්නාක් මෙන් නිර්මාණය කර ඇත. එමෙන් ම මෙහි තිබෙන ටැබ්ස් "අල්ලා ගෙන" ඕනෑ තැනකට ගෙන යා හැක.

ටැබ්ස් සහිත ඉන්ටෆේස් එක
මෙනු බට්න් ක්‍රමය
HTML 5 සහ CSS සහය
ඇඩ් මන් මැනේජර්
මල්ටිටච් පහසුකම
වෙබ් ජීඑල් පහසුකම
වෙබ් එම් පහසුකම

ඉහත පහසුකම් සියල්ල මෙයට ඇතුලත් වේ.

මෙම බීටා සංස්කරණය මොසිලා වෙබ් අඩවියෙන් නොමිලේ Download කර ගත හැක.

Sunday, August 8, 2010

ඩිජිටල් තාලෙට දන් දීම


අද ලෝකයේ ඩෙක්ස්ටොප් පරිගණක කෝටි 150කට වඩා තිබේ. මෙම පරිගණකවල වැඩ කරමින් ඉන්නා අය මෙහි තිබෙන උපරිම ධාරිතාව යොදා ගන්නේ නැත.
මෙම ඉතුරු වන ධාරිතාවෙන් ටිකක් මෙම ව්‍යාපෘතිය සදහා 'වර්ල්ඩ් කමියුනිටි ග්‍රීඩ්' ආයතනය යොදා ගැනීම සිදු කරයි. ලොව පුරා තිබෙන පරිගණක 4000කින් ඉතිරිවන ධාරිතාව යොදා ගෙන මෙය තනා තිබේ. මෙමගින් විවිධ ප්‍රෝටීන වර්ගවල සැකැස්ම තීරණය කරයි.
මෙසේ අධ්‍යනය කරනු ලබන්නේ ඩෙංගු, මැලේරියා, ඒඩ්ස්, පිළිකා යන ආදී රෝග සදහා පිළියම් ලෙස යොදා ගත හැකි ප්‍රෝටීන වර්ග කවරේ ද කියා ය. සාමාන්‍යයෙන් මෙය සිදු කිරීමට බොහෝ කල් යයි. එහෙත් මෙහි දී මෙය ටික කලකින් සිදු කිරීමට හැක.
එම නිසා තම පරිගණකයෙන් ඉඩෙන් ටිකක් ලබා දීම ට අවස්ථාව උදා වේ. මෙහි දී කල යුත්තේ මෙම ආයතනයෙන් ලබා දෙන මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කර ගැනීමයි. මෙය අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වේ. මෙය ඉතා සුරක්ෂිතය.
මෙහි දී සිදුවන කටයුතු පිළිබද පරිශීලකයාට කොහෙත් ම දැනෙන්නේ නැත. පරිශීලකයා අපහසුතාවට පත් නොවේ. ලොකයාගේ සුබ සිද්ධියට දන් දීමේ පින නම් පරිගණකයේ හිමිකරුට ලැබේ.

පහත ලින්ක් එක මගින් පහසුවෙන් මෙයට යා හැක.
http://www.worldcommunitygrid.org/

"විජය පරිගණක" සගරාවෙන් උපුටා ගන්නා ලදී.