Thursday, August 19, 2010

රේස් යමු... (DIRT-2)

රේස් යන්න කැමති අයට මේක හුගක් ගැලපෙනවා. DIRT 2 කියන්නේ මෝටර් රථ ධාවන තරගයක්. ගේම් එක ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ කෝඩ්මාස්ටර්ස් (Codemasters) ආයතනය යි. මෙහි දී ක්‍රීඩකයාට, මෝටර් රථ ධාවකයකු ලෙස විවිධ මෝටර් රථ ඛාණඩ යටතේ තරග කිරීමට සිදු වේ.
මෙම ක්‍රීඩාව මගින් සපයන අති දක්ෂ මෝටර් රථ ධාවකයින් 30 ක් සමග කරට කර තරග කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ. මෙහි දී ක්‍රීඩකයා, රථයේ කල යුතු වෙනස් කම් කරමින් තරගයට ආවේනික වූ නීති රීති අනුගමනය කල යුතු ය. සෑම තරගයක දීම ක්‍රීඩකයාට, මෝටර් රථ 2 ක් ලබා දේ. එනම් එකක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක් වුවහොත් අනෙක් රථය භාවිත කිරීමට හැක. මෙහි දී රථයට සිදු වන හානි අවම කර ගැනීම ක්‍රීඩකයාගේ වගකීමකි.
මෙම ක්‍රීඩාවෙන් හොදින් සැකසූ හා දුෂ්කර මාර්ග සහිත ධාවන පථ ලබා දේ. ක්‍රීඩකයා මේ සෑම මාර්ගයක ම, රථ හොදින් හැසිර වීම හා උපරිම දක්ෂතා පෙන්විය යුතු ය. තරගයට සහභාගී වීමට පෙර තරග සංවිධායකවරුන් රථය විශේෂ පරික්ෂාවකට ලක් කරයි. ක්‍රීඩකයා, රථය අනවශ්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇත්නම්, තරග වලින් ඉවත් කිරීම ද සිදු වේ. එවිට ක්‍රීඩකයාට ලැබෙන ලකුණු අඩු වේ.
මෙම ක්‍රීඩාව පුරාවට ම ත්‍රාසජනක සිදුවීම් වලට මුහුණ දීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා වේ. මේ ගේම් එක 'ඇත්ත ධාවන තරගවල' ස්වරූපය ගනී. ඒ වගේ ම මේකේ ත්‍රිමාන (3D) සජීවීකරණය මගින් ඇත්ත ධාවන තරගයක ස්වරූපය පෙන්නුම් කරයි. ඔයාලත් මේක Play කරල ම බලන්න...
පහත වීඩියෝ එක බැලුව ම මේ ගේම් එක මොන වගේ ද? කියල හිතාගන්න පුළුවන්....


0 comments:

Post a Comment