Sunday, August 15, 2010

ඉන්ටnet ගැන විස්තරයක්....

ඔන්න මම පොරොන්දු වුණ විදියට ම කලින් ලිපියෙ 2 වන කොටස ගෙනාව. ඔයාල මේකත් කියවලා ම බලන්නකෝ....

අයිපී ලිපින (IP Addresses)

Internet එකේ තිබෙන තවත් විශේෂ දෙයක් තමයි අයිපී ලිපින කියන්නෙ. මෙමගින් Internet එකට සම්බන්ධ සෑම පරිගණකයක් ම වෙන් වෙන් ව හදුනා ගැනීම සිදු කරයි. මෙම ‍IP Addresses අංක කාණ්ඩ හතරක ආකාරයකට අර්ථ දක්වා ඇත. එම අංක ඛාණ්ඩ තිත් මගින් වෙන් කරනු ලැබේ. මෙහි එක් ඛාණ්ඩයක් තුළ වන උපරිම අගය 256 කි.

ජාත්ත්‍යන්තර සම්මුතියකට අනුව ඒ ඒ රටවලට හා පුද්ගලයන් වෙත IP Addresses පවරා දෙනු ලැබේ. මෙම කාර්යය INTERNIC (Internet Network Information Center) නැමැති ආයතනය මගින් සිදු කරනු ලබයි.


අංක වෙනුවට නාමයන්

අපි හැමෝට ම ලිපිනයන් සදහා නම් භාවිතය, අංක භාවිතයට වඩා හුරු ය. එම නිසා IP Addresses පහත ආකාරයට වූ නම් මගින් දක්වනු ලැබේ. එනම්, ඉහත ලිපිනය maths.ou.ac.lk ආකාරයට දැක්විය හැක. මෙය ඉතා පහසු ය. මෙම IP Addresses වල අංක ස්වභාවය හා නාම ස්වරූපය ගලපන විශේෂ පරිගණක වර්ගයක් අන්තර්ජාලයේ පිහිටුවා ඇත. ඒවා DNS (Domain Names Servers) ලෙස හදුන්වයි. මෙවැනි Server එකක් නොමැති ව අපට අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය නොහැක.

කිසියම් Server එකක් සමග Network කරනු ලබන, උප පරිගණක සදහා ලිපිනයක් දැක්වීම ඊළගට සලකා බලමු. සාමාන්‍යයෙන් මේ සදහා ක්‍රම 2ක් භාවිත වේ. එක් ක්‍රමයක් මගින් Web Site ලිපිනයන් ද අනෙක් ක්‍රමය මගින් E-Mail ලිපිනයන් ද දක්වනු ලැබේ. මේ සදහා අමතර සංකේත 2 ක් භාවිතා වේ. ඒවා නම්, // හා @ සලකුණු ය.

Internet එකට සම්බන්ධ වූ Web Sites නැමති පරිගණක දැක්වීම සදහා // සලකුණ ද E-Mail ලිපිනයන් දැක්වීම සදහා @ සලකුණ ද භාවිත කෙරේ.

WWW කියන්නෙ මොකක් ද ?

‍වෙබ් තාක්ෂණය විවිධ අර්ථ දැක්වීම් වලට ලක් කල හැක. වෙබ් තාක්ෂණය යනු අති දැවැන්ත තොරතුරු ගබඩාවක්, අන්තර්ජාලය මත වූ බහු මාධ්‍ය සම්පතක්, ඊළග සියවසේ ප්‍රධානත ම සන්නිවේදන මාධ්‍යයක් හා අන්තර්ජාලය මත වූ ඕනෑ ම සේවාවක් අනුබද්ධ කල හැකි තාක්ෂණයක් යන ආදී වශයෙන් අර්ථ දැක්වීම් කල හැක.

‍ ඉහත සියලු අර්ථ දැක්වීම් හා සසදන ආකාරයට තාක්ෂණික දෘශ්ඨි කෝණයකින් අන්තර්ජාලය අර්ථ දැක්විය හැක. එනම්, Hyper-Text නැමැති තාක්ෂණය භාවිතයෙන් Internet එක මත වූ පරිගණක සමූහයක් යා කර තැනූ පරිගණක ජාලය, WWW (World-Wide-Web) ලෙස හදුන්වනු ලැබේ.මේ අනුව තමන්ට කැමති ඕනෑම Web Site එකක් ඇමතිය හැක.

මේ අනුව පෙනී යන්නේ WWW යනු Internet එක මත වූ Site වර්ගයක එකතුවෙන් තැණුනු ජාලයකි. එහි විශේෂත්වය නම්, මෙම Network එක මත වූ Sites එකිනෙක සම්බන්ධ කර ඇත්තේ Hyper-Text නැමැති තාක්ෂණයක් මගිනි.


මං හිතනව ඔයාල මේ ලිපියෙන් Internet එක ගැන තිබුණු දැනුම තවත් වැඩි කර ගන්න ඇති කියල. මේ "Internet ගැන විස්තරයක්" කියන ලිපිය ටිකක් දිග නිසා අවසානය වන 3 වන කොටස, මම ළගදීම අඩවියේ දානවා......

මෙහි 3 වන කොටස සමගින් නැවත හමුවෙමු.......

0 comments:

Post a Comment