ඔයාල බලනව ඇති මං මොකක් ද කියන්න හදන්නෙ කියල. මං අද කියන්න හදන්නෙ Internet (අන්තර්ජාලය) ගැන. එහෙනං හැමෝම අහගන්නකෝ.....
අන්තර්ජාලය (Internet) කියන්නෙ මොකක් ද ?
මෙම Internet තාක්ෂණය විවිධ කාර්යයන් සදහා යොදා ගැනේ. Internet මගින් තොරතුරු තත්පර ගණනක දී ලොවට හෙළි කල හැක. එපමණක් නොවේ, සාමාන්‍ය තැපැල් සේවය මෙන් සිය දහස් ගුණයකින් වේගවත් මෙන් ම, වෛද්‍ය වාර්තා ආදිය වෙනත් රටක වෙසෙන විශේෂඥ වෛද්‍යවරයකු වෙත යවා උපදෙස් ලබා ගත හැකි තරමට ම Internet දියුණු වී ඇත. රූපවාහිනී විකාශන හා සාප්පු සවාරි යෑමට ද Internet ඉඩ සලසා දී තිබේ. සියලු සම්පත් සදහා මාවත සලසන ප්‍රබල මාධ්‍ය ලෙස අන්තර්ජාලය 'පෙරට' පැමිණ අවසන් ය.
"Internet කියන්නෙ මොකක් ද?" කියන ප්‍රශ්නයට දැන් කෙටි පිළිතුරක් දීමට හැක. ඒ තමයි, Internet කියන්නෙ, 'පරිගණක, පරිගණක ජාල පරිගණක වැඩසටහන්, තොරතුරු හා ඒවා භාවිතා කරන අය යන කොටස් වල එකතුවකි'.
අන්තර්ජාලය කෙතරම් විශාල වුවත් එයට අයිතිකරුවකු නොමැත. එහෙත්, අන්තර්ජාලයට තම පරිගණක සවිකර ඇති නම් එම පරිගණකයෙහි අයිතිය තමාට පවත්වා ගත හැක. Internet එකට සවි කල සෑම පරිගණකයකට ම අනන්‍යය ලිපිනයක් ඇත. එය හදුන්වන්නේ 'IP Address' ලෙස ය.
තව Internet ගැන විස්තර හුගක් තියෙනව කියන්න. ඒ විස්තර කියන්නෙ ඊළග කොටසෙන්. ඔයාල මේක කියවන්නකෝ. ඊළග කොටසෙන් ඉතුරු ඒවා......
"ඉන්ටnet ගැන විස්තරයක්" 2වන කොටස ළගදීම......."
ලිපියට Comment එකකුත් තරුවකුත් දාන්න අමතක කරන්න එපා..........
0 comments:
Post a Comment