Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, November 12, 2010

විවිධ භාෂා උච්චාරණය කරන 'ෆෝවෝ'


මේක නම් හුඟ දෙනෙක්ට ප්‍රයෝජනවත්. මොක ද අපි දන්නෙ නැති භාෂාවකින් තිබෙන දෙයක් දන්න භාෂාවකින් අහගන්න පුළුවන්නේ. මේකෙන් පුළුවන් භාෂා 258 කට අයත් විවිධ වචන උච්චාරණය කරන්න. වචනය ලියා සර්ච් කළ විට එහි උච්චාරණය ඇති mp3 ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න දෙනව. ඒක ඩවුන්ලෝඩ් කරල අහගන්න පුළුවන්. එහෙනම් කරල බලන්නකෝ.......

Thursday, November 4, 2010

FB Theme එක වෙනස් කරමු ද?


හුග දෙනෙක් ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ Facebook Theme එක වෙනස් කරන විදියනේ.ඔන්න ඒ වැඩෙත් දැන් ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්.මං දැන් කියන්න යන්නෙ ඒක කරන විදිය.....

1වන පියවර - මුලින් ම ඕගොල්ලන්ගේ FB Account එකට Log වෙන්නකෝ.


2වන පියවර - ඊට පස්සෙ මෙන්න මේ Site
එකට ගොඩවෙන්නකෝ.
Facebook Theme Change
3වන පියවර - මේකෙ තියෙන 'IT'S FREE!' කියන එක Click කරන්න. ඊට පස්සෙ එන Site එකේ තියෙන විදියට මේ Software එක Install කරගන්න. (ඕගොල්ලන්ගෙ Browser එක Firefox නම් තමා මේක කරන්න පුළුවන්)

4වන පියවර -Install කරාට පස්සෙ පල්ලෙහා තියෙන Site එකට යන්නකෝ..
Facebook Theme Change

5වන පියවර - මේකෙ තියෙන Theme වලින් ඔයාලට කැමති එකක් Install කරගන්න පුළුවන්...

Install කරාට පස්සෙ Facebook එකට ඔයාල දාපු Theme එක එනවා........ එහෙනම් දාගෙනම බලන්නකෝ....

Thursday, October 28, 2010

ඉක්මනින් Files Download කර ගනිමු..

මං අද කියන්න යන්නේ පොඩි Software එකක් ගැන. මේකෙ නම 'Azureus'. මේ Software එක හදල තියෙන්නෙ 'Vuze Inc' සමාගමෙන්. මේක මට නම් හුඟක් ප්‍රයෝජනවත්. මේ Software එකෙන් කරන්නෙ Torrent Files ඩවුන්ලෝඩ් කරන එක. මේකෙ හුඟක් පහසුකම් ඇතුලත් වෙලා තියෙනවා.
ඒ වගේ ම මේකෙ Downloading Speed එක අනෙක් Software වලට වඩා වැඩියි. ඒක විතරක් නෙවෙයි අනෙක් Torrent Download Software වල තිබෙන හැම පහසුකමක් ම තියෙනවා. මේකෙ පෙනුමත් නියමයි. පෙනුම විතරක් නෙවෙයි වැඩත් නියමයි.
මේක ගැන මට මීට වඩා විස්තරයක් කරන්න ගියොත්, පිටු ගානක් ලියන්න වෙනවා. ඒක නිසා මං හිතනව මේ විස්තර හොඳට ම ඇති කියලා. ඕගොල්ලනුත් මේ Software එක දාල ම බලන්නකෝ...

Thursday, October 21, 2010

HUAWEI ඩොන්ගල් Unlock කරමු....

රවීගේ අඩවියෙන් අද සිට ආරම්භ වන අලුත් ම වැඩ සටහන තමයි 'ක්‍රම සහ විධි' කියන්නෙ. ඔයාල නොදන්න දෙවල් ගැන පොඩි දැනුමක් දීම තමයි මේකෙ ප්‍රධාන අරමුණ. මේකෙන් දාන 'මංගල ලිපි' මොකක් ද කියල එහෙනම් බලන්නකෝ........

HUAWEI ඩොන්ගල් Unlock කරමු....

සමහර විට ඔයාල මේ ගැන දැනටමත් දන්නව ඇති. කමක් නෑ.. මේ ගැන දන්නැති අයට මේක හුඟක් ප්‍රයෝජනවත්. මං අද කියන්න යන්නෙ ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගැන. හැබැයි HUAWEI ඩොන්ගල් විතරයි. හරි එහෙනම් කරන විදිය බලාගන්නකෝ...

මුලින් මේක කරන්න කලින් Software දෙකක් Download කරන්න ඕන. ඒව අවශ්‍ය වෙනව මේක අන්ලොක් කරන්න.
HUWEI Modem Code Writer මෘදුකාංගය
මේ Software දෙක Download කරගන්නකෝ.. මේකෙ මුල් Software එකෙන් කරන්නෙ Unlock Code එක හොයාගන්න එක. දෙවැනි Software එකෙන් කරන්නෙ ඩොන්ගල් එක Unlock කරන එක. මං ඔයාලට ඩොන්ගල් එක අන්ලොක් කරන විදිය සරලව කියන්නම්.
අන්ලොක් කරන්න කලින් ඩොන්ගල් එකේ 'IMEI' කෝඩ් එක හොයාගන්න ඕන. මේ කෝඩ් එක ඩොන්ගල් එකේ පිටිපස්සේ ප්‍රින්ට් කරල තියෙනවා. නැත්නම් ඩොන්ගල් එක ගන්නකොට ලැබෙන 'පොතේ' (Manual) මේ කෝඩ් එක තියෙනවා. මේ‍ කෝඩ් එක අංක 15කින් යුක්ත යි. මේක හොයාගන්නකෝ..
ඒ වගේ ම මං දීල තියෙන 'HUAWEI Unlocker Software' එක වැඩ කරන්න නම් අවම වශයෙන් 'NET Framework 3.0 සංස්කරණය තියෙන්න ඕන. නැත්නම් මං දෙන 3.5 සංස්කරණය නොමිලේ ම Download කරගෙන Install කරගන්න. Install කරද්දී Internet සම්බන්ධය නැති කරගන්න එපා. මොක ද Install වෙන්නෙ Internet එක හරහා නිසා. ඔයාලට ඕන නම් NET Framework 4 අලුත් ම සංස්කරණය නොමිලේ ම ලබා ලබාගන්න පුළුවන්. මේ දෙක ම කරාට පස්සේ,

1වන පියවර - ඩොන්ගල් එක USB Port එක‍ට සවි කරන්න.
2වන පියවර - මං දීල තියෙන 'HUAWEI Unlocker Software එක Double Click කරල Open කරන්න.
එතකොට මේ Window එකක් දකින්න පුළුවන්.
3වන පියවර - මේ Window එකේ Enter IMEI කියන එකට ඉස්සරහින් තියෙන හිස් කොටුවෙ IMEI කෝඩ් එක Type කරන්න.
4වන පියවර - Caculate බොත්තම Click කරන්න.
එතකොට Unlock Code & Flash Code දෙකට ඉස්සරහ හිස් කොටුවේ කෝඩ් දෙකක් එනවා.මේකෙන් අන්ලොක් කරන්න අවශ්‍ය වෙන්නෙ 'Unlock Code' එක විතරයි. මේකෙ නමත් එක්ක Trojanx කියල තිබුනට බය වෙන්න එපා. මේක වයිරස් නෙවෙයි.
5වන පියවර - මං දීල තියෙන HUAWEI Unlocker Code Software එක Open කරන්න.
ඒ Software එක මේ වගේ..
6වන පියවර - මේකෙ තියෙන 'Please Select Com Port' කියන එක Click කරන්න.
එතකොට මේ විදියට එනව..
7වන පියවර - මෙහි 'Detect' බට්න් එක Click කරන්න.
එවිට Computer එක විසින් ඩොන්ගල් එක ස්වයංක්‍රීයව ‍සොයාගන්නවා.
8වන පියවර - ඉන්පසු Accept බට්න් එක ඔබන්න.
9වන පියවර - දැන් 'Unlock Modem' කියන බට්න් එක Click කරන්න.
එතකොට එනව Unlock Code එක Type කරන Window එක.
10වන පියවර - දැන් කලින් Software එකෙන් ගත්ත Unlock Code එක මේකෙ Type කරන්න.
එවිට මේ Software එකෙන් Command එකක් යවනව ඩොන්ගල් එක‍ට, ඩොන්ගල් එක අන්ලොක් කරන්න කියල. ඉන්පසු ඩොන්ගල් එක Unlock වෙනවා.


මේක අන්ලොක් වෙලා ද කියල බලාගන්න පුළුවන්, මේකට වැඩ කරපු නැති SIM එකක් දාල. ඕගොල්ලන්ට මේක කරද්දී ප්‍රශ්නයක් ආවොත්, Comment මගින් ප්‍රශ්න අහන්නකෝ. එහෙනම් වැඩේ කරල බලන්න......

Monday, October 18, 2010

මේ පාරෙන් යන අයට දෙවියන්ගේ ම පිහිටයි!!!

මං අද කියන්න යන්නේ පාලම් ගැන. මේව එසේ මෙසේ ඒව නෙවේ. ලෝකෙන් ම වඩාත් ම බිය ජනක බව උපදවන පාලම් දහයක් ගැන. මේව තියෙන්නේ නම් අපේ රටේ නම් නෙවේ. එහෙනම් කියවලා ම බලන්නකෝ....

අපේ රටේ 'සංගිලි පාලම්' හුඟ දෙනෙකුට නුපුරුදු නිසා ඒවායේ ගමන් කරද්දී අඩුවක් නැතුව බය වෙන්න නම් පුළුවන්. ඒත් ලෝකයේ අනතුරුදායක පාලම් ගැන බැලුවා ම අපේ රටේ 'සංගිලි පාලම්' කොයි තරම් හොඳ ද කියල හිතෙනවා. සංචාරකයින් බියට පත් කරවන, අනාරක්ෂිත ඒ වගේ ම ඇදහිය නොහැකි ස්‍ථාන යා කරමින් ඉදි කර ඇති පාලම් වර්ගීකරණයකට ලක් කර තිබේ. ඒ අනුව ගමන් කරන්නන් තුළ වැඩියෙන් ම බිය ඉපද වීමට සමත් පාලම් දහය තමයි මේ.

ප්‍රංශයේ අයිගුයිලේ ඩු මිඩි පාලම
අයිගුයිලේ ඩු මිඩි පාලම
මේ මතින් ගමන් කරන පුද්ගලයින් වඩාත් ම බියට පත් කරවන පාලම ලෙස සැලකේ. රය ඉදිකර ඇත්තේ ප්‍රංශයේ ඇල්පස් කඳුවැටියේ මුදුන් දෙකක් යා කරමින්. වාසනාවකට වගේ පාලම ඉතා කෙටියි. හරියට ම බැලුවොත් මේ පාලම පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 12,605 ක් ඉහළින් ය.


ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රෝයල් ජෝර්ජ් පාලම
රෝයල් ජෝර්ජ් පාලම
මෙය බය හිතෙන පාලම් අතරින් දෙවැනි තැන හිමි කර ගන්නවා. එය ඇමෙරිකාවේ ඉතා වැඩි ම උසකින් පිහිටි එල්ලෙන පාලම ලෙස වාර්තා වී තිබේ. එයට පහළීන් 'අරිකන්සාස් ගඟ' ගලා ගෙන යනවා, මහ පොළොවේ සිට බැලූ විට පාලම පිහිටා තිබෙන්නේ තට්ටු අනූවක ගොඩනැගිල්ලක් තරම් උසකිනි. මේ පාලම මතින් ගමන් කරන්නට ධෛර්ය සම්පන්න වන්නේ සුළු පිරිසක් පමණි.

ස්විස්ටර්ලන්තයේ ට්‍රිෆ්ට් එල්ලෙන පාලම
ට්‍රිෆ්ට් එල්ලෙන පාලම
මෙය අඩි 558 ක් දිග ය. මේ මතින් මිනිසුන් පයින් ගමන් ගත්තත් සංචාරකයින්ට නම් එය අතිශයින් භිතිය උපදවන ගමනක්. ඊට හේතුව හමා එන සුළං පහරින් මේ පාලම දරුණු ලෙස සෙලවීම යි. පසුගිය වසරේ දී ආරක්ෂිත කේබල් යොදා පාලම ශක්තිමත් කිරීමට ස්විස්ටර්ලන්ත රජය ක්‍රියා කර තිබුණි.

උතුරු අයර්ලන්තයේ කැරැක් අ රේඩ් රෝප් පාලම
කැරැක් අ රේඩ් රෝප් පාලම
මෙය උතුරු අයර්ලන්තයේ පිහිටා තිබේ. මේ පාලම හරහා ගමන් කරන්න සංචාරකයෝ ඉදිරිපත් වන්නේ කැමැත්තෙනි. එහෙත් යළි ආපසු ඒමේ දී වඩා දිග මාර්ගයක් ඔස්සේ මෝටර් රථය ධාවනය කිරීමට ඔවුන්ගේ මග පෙන්වන්නෝ සැදී පැහැදී සිටී. ඊට හේතුව මේ පාලම හරහා ගමන් ගත් අයකු යළිත් වරක් නම් ඒ මතින් ගමන් නොකිරීමයි. මේ පාලමට පහළින් 100m පමණ ඉහළට විහි දී ගිය උල් වූ ගල් රාශියක් පිහිටා තිබේ.

කැනඩාවේ කපිලානෝ එල්ලෙන පාලම
කපිලානෝ එල්ලෙන පාලම
මෙය සංචාරකයින් භිතියට පත් කරන්නක්. මේ පාලම වටේට ම කොළ පැහැ වනාන්තර යායක්. එහෙත් පාලමේ ගමන් කිරීම අභියෝගයක්. ඉතාමත් අලංකාර පරිසරයක තිබෙන පාලමක්.




ඇමරිකාවේ මිඩිගන් ප්‍රාන්තයේ මැකිනැක් පාලම
මැකිනැක් පාලම
මෙය සැතපුම් පහක් දිගයි. මේ සැතපුම් පහ පසු කරන තුරුම එහි ගමන් ගන්නා අයකුට දැක ගන්නට ලැබෙන්නේ විශාල ජල තලාවක් පමණි. ඒත් වැඩි උසකින් නොවේ. මීදුමෙන් පිරුණා ම මේ පාලම නැරඹීම ඉතාමත් අපහසු යි. මේ පාලම සැබවින් ම සංචාරකයින් භිතියට පත් කරන්න සමත්.


ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම
ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම
මේ පාලම තියෙන්නෙ මෙක්සිකෝවෙ. මෙය ඉදිකර ඇත්තේ ජර්මානු ඉංජිනේරුවරයෙකු වූ 'සත්තියාගෝ මින්ග්ගුයින්' ය. ඒ දහනව වැනි සියවසේ දී. මෙහි පළල අඩි දෙකයි. ඒත් දිග අඩි 1043 යි. මෙක්සිකෝව ධනවත් රටක් නොවන නිසා මෙහි නිසි නඩත්තුවක් සිදු වන්නේ නැත. මේ පාලමේ ඇති වඩාත් ම භයානක කම එයයි.

ඇමෙරිකාවේ ටේරිලන්ඩ් ප්‍රාන්තයේ මේස ජෙක් බේ පාලම
මේක තවත් බය හිතෙන පාලමක්. මේකෙ නම 'මේස ජෙක් බේ'. මේ පාලම බිය ජනක වන්නේ එය නිරතුරුව අධික චණඩ කුණාටුවලට නිරාවරණය වන නිස යි. අයහපත් කාලගුණය නිසා බොහෝ විට මේ පාලම නොපෙනී යයි. එවිට එහි ගමන් කරන්නන්ට දෙවියන්ගේ ම පිහිටයි. මේ පාලම මේරිලන්ඩ් ප්‍රාන්තයේ නැගෙනහිර හා බටහිර වෙරළ සම්බන්ධ කරනවා. දිගින් සැතපුම් පහක්.

වියට්නාමයේ වඳුරු පාලම
වඳුරු පාලම
මේ පාලමට මේ 'වඳුරු පාලම' කියන නම යෙදිල තියෙන්නේ, මේ පාලම මතින් ගමන් කිරීමට හැක්කේ වඳුරන්ට පමණක් කියලා බොහෝ දෙනා විශ්වාස කිරීමයි. මේව ඉතා උසැති තැන් යා කරමින් ඉදිකර තිබෙනවා. එහෙත් යොදා ඇත්තේ උණ බම්බු දෙකක් පමණ යි. එකක් මත පා තබමින් අනෙක් උණ බම්බුව අත්වැල ලෙස යොදා ගන්නවා.

පාකිස්ථානයේ හසායිනි පාලම
ලෝකයේ බියජනකම පාලම් අතරින් දහවැනි තැන දිනා ඇත්තේ මෙම පාලමයි. මෙය හන්සා නදියට ඉහළින් ඉදි වී ඇත. මෙම පාලම බිය ජනක ලෙස ජලය මතින් එල්ලෙමින් පවතී. සංචාරකයින්ට මෙය භිතිය ගෙන දුන්නත් පාකිස්ථන ජනතාව නම් මේ පාලම පහසුවෙන් තරණය කරනවා.

පාලම් දෙකක පින්තූර හොයාගන්න බැරි වුණා. ඒක නිසා දාන්න බැරි වුණේ. ඒකට කමක් නෑනේ. මං හිතනවා ඔයාල නොදැන හිටපු දෙයක් ගැන දැනගන්න ඇති කියල...... මේ වගේ අරුම පුදුම දේවල් අරගෙන තව ලිපියකින් ආයෙත් හමුවෙමු..........

"සිළුමිණ"
පත්තරයෙන්

Saturday, October 9, 2010

GPS අපේ ‍රටටත්....


මට හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි වුණානේ. ඒක නිසා අද මං ඔයගොල්ලන්ට හුඟක් වැදගත් ලිපියක් තමයි ලියුවේ. ඔයාල මේක කියවලා බලන්නකෝ..

අපි මෙතෙක් කල් Trip වගේ දුර ගමන් ගියේ පාරවල් ගැන හරි හැටි දැනුමක් නැතිවනේ. සමහර වේලාවල් වල දී අපට පාරවල් වරදින අවස්ථා බොහෝ. ඒක නිසා මේ අපහසුතාවෙන් මිදෙන්නට විශේෂ උපකරණයක් දැන් ලංකාවේ වෙළඳ පොළට හඳුන්වා දී තිබෙනවා.
GPS (Globle Position System) නමින් හඳුන්වන නවීන උපකරණය, අපි ඉන්නේ කොතැන ද අපට ආසන්න නගරය කුමක් ද යන්න සියලු තොරතුරු මෙයින් සපයනව. මෙතෙක් කල් මේ උපකරණය ලංකාවේ බහුතරයක් රථවාහන හිමිකරුවන් අතර ප්‍රචලිත ව තිබුනේ නෑ.
මෙතෙක් කල් රටේ ප්‍රදේශ ජාත්‍යන්තර මට්ටමෙන් සිතියම් ගත කිරීම ප්‍රමාද වූ නිසා GPS තාක්ෂණය ද ප්‍රමාද විය. එහෙත් දැන් සියලු බාධක ඉවත් වූ නිසා මේ තාක්ෂණය ආරම්භ වී ඇත.
GPS උපකරණය තම වාහනයට සවි කර ගැනීම ඉතාමත් පහසු ය. මෙය වාහනයේ ඉදිරිපස සවි කරන කුඩා උපකරණයකි. මෙයින් ලබා ගන්නා සංඥා දත්ත වාහනයේ අතුලත ඇති කුඩා තිරයකින් (රූපවාහිණී තිරයට සමාන) ලබා ගත හැක. මෙයට සංඥා ලබා ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනු ලැබේ.
මෙයින් සැලසෙන වාසි බොහෝ ය. ඔබ ගමනක් යන විට ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා ඇති සියලු ම මං සළකුණු, මාර්ග අවහිරතා මෙන්ම ගමනාන්තය දක්වා ඔබව සුරක්ෂිතව රැගෙන යාමට මං සාදා දෙයි. එපමණක් නොවේ මාර්ග පද්ධතියේ තදබදයක් හෝ ස්වාභාවික අවහිර තාවයක් තිබේ නම් ඒ පිළිබඳ වූ දත්තයන් සියල්ල ම කල් වේලා ඇති ව මෙයින් පෙන්වයි. එතැනින් නොනැවතී ගමනාන්තයට යා හැකි විකල්ප මාරගයක් ද පෙන්වා දෙනු ලැබේ. මෙම උපකරණයෙන් සිදු කරන්නේ මාර්ග පද්ධතිය පිළිබඳ දත්තයන් ලබා දීම පමණක් නොවේ. මාර්ගය දෙපස ඇති ATM යන්ත්‍ර, ප්‍රධාන පෙළේ ආයතන, බැංකු, හෝටල් මොනවා ද යන්න පිළිබඳ තොරතුරු ද මෙයින් පෙන්වා දෙයි.
බාහිර ව සවි කරන උපාංගයක් වන මෙහි කිසිදු මාසික ගාස්තුවක් අය නොකරයි. මෙම යන්ත්‍රය රුපියල් 35000 සිට 49000 දක්වා මිල ගණන් යටතේ ලබා ගත හැක.මෙහි සිංහල, ඉංග්‍රීසි, ජර්මන් ඇතුළු භාෂා කිහිපයක් අන්තර්ගත වේ. මෙහි සිංහල භාෂාව භාවිතා වීම ද සුවිශේෂී කරුණකි.
මේ උපාංගය මිල අඩු වාහනයේ සිට මිල අධික සුඛෝපභෝගී රථය දක්වා ඕනෑම වාහනයකට සවි කර ගත හැක. මෙම උපකරණයට වසරක වගකීමක් ආයතනය මගින් ලබා දෙන අතර වසරක කාලයෙන් පසු අවශ්‍ය නඩත්තු කටයුතු ද සපයා දෙනු ලැ‍බේ.
GPS උපකරණය මිල දී ගනු ලබන පාරිභෝගිකයා ලියාපදිංචි කරනු ලබන අතර ඔහුට එම උපකරණය තමාගේ වගකීම යටතේ ඕනෑම රථයකට සවි කර ගැනීමට හැකි වීම තවත් වාසියකි.
ඉදිරි කාලයේ දී GPS තාක්ෂණය අප රට තුල දී බහුල ව භාවිතා වීම, බොහෝ දෙනාට අතිශය ප්‍රයෝජනවත් වීම නියත ය.

Wednesday, September 22, 2010

මරණය අත ළඟ යි.... (The Final Destination)

මේ චිත්‍රපටය අමුතු ම වර්ගයේ එකක්. මේ ෆිල්ම් එක කොටස් හතරකටයි තියෙන්නේ. මේක පුරාවට ම ඉතාමත් ත්‍රාසජනක, භයානක ම අත්දැකීම් වලට මෙහි සිටින අයට මුහුණ දීමට යි සිදු වෙන්නේ. මේ ෆිල්ම් එකේ ඉන්න බොහෝ දෙනෙක්ට මරණ බිය තදින් දැනෙනවා. ඒකට හේතුව වෙන්නේ මරණය පිටුපසින් පැමිණ ඔවුන් ව ගොදුරු කර ගන්නා නිසා යි.
මං කිව්වනේ මේ ෆිල්ම් එක අමුතු ම එකක් කියලා. මං ඒ විදියට කිව්වේ ඒකෙ විශේෂත්වයක් තියෙන නිසා. මේ ෆිල්ම් එකේ කොටස් හතරෙ ම මේ විශේෂත්වය ගැබ් වෙලා තියෙනවා. මේකෙ දි සිද්ධ වෙන සෑම මරණයක් ම වෙන්නෙ ස්වභාවික විදියට යි. ඒ කිව්වේ මෙහි සිදු වන සෑම මරණයකට ම කිසිම කෙනෙකු වග කිව යුතු නැහැ. මෙහි ඕනෑම ස්ථානයක දී, කොයිමක හෝ වේලාවක දී, ඕනෑම වයස් මට්ටමක සිටින කෙනෙකුට ජීවිත හානියක් සිදු වීම ට පුළුවන.
මෙහි කොටස් හතරෙම ප්‍රධාන චරිතයට සිටින කෙනාට (ඔහු/ඇය) කිසියම් හෝ කෙනෙකු මරණයට පත් වීමට පෙර එම කෙනා මරණයට පත් වන ආකාරය සිහිනයක් දකිනවාක් මෙන් පෙනේ. කිසියම් තැනක, කිසියම් වේලාවක දී, ඒ ඒ දේ සිදුවීමට පෙර එම සිහිනය ඔහු/ඇය ට පෙනේ. මෙය රාත්‍රියක හෝ දහවලක දී පෙනෙන නිසා වේලාව හරියට කිව නොහැකි බැවින්, මෙය සිහිනයක් ම වීමත් නොහැකි ය. එහෙත් ඔහු/ඇය දකින දෙය අනිවාර්යයෙන් ම ඇත්තක් බවට පත් වේ. මෙහි දී මරණයට ඉලක්ක වූ පුද්ගලයා කිසියම් හෝ ආකාරයකින් මරණයෙන් ගැලවුනහොත් වෙන අවස්ථාවක දී හෝ එම කෙනා අනිවාර්යයෙන් ම මරණයට ගොදුරු වේ.
මේ ෆිල්ම් එකේ නමේ තේරුම වෙන්නේ ‘අවසන් ගමනාන්තය’ කියන එක. මේකට අවසන් ගමනාන්තය කියන් තේරුම දීල තියෙන්නේ ඇයි කියල හරියට ම තේරෙන්නේ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ. මං නම් මේකෙ කොටස් හතරම බලල තියෙන්නේ. නියම ෆිල්ම් එක. මේක හුඟක් කුතුහලය ගෙන දෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් හතරම DVDRip. ඒක නිසා Video & Sound Quality නියමෙට ම තියෙනවා. සේරම ෆිල්ම් 700MB ඒවා. ඔයාලත් මේ ෆිල්ම් එකට කැමති වෙයි... එහෙනම් බලන්නකෝ...

































Saturday, September 11, 2010

ටයිටැනික් සුනේ සුන් ? - අවසන් කොටස

මේකෙ පළමු කොටස මං ඔයාලට දුන්නනේ. දැන් මං දෙන්න යන්නෙ මෙහි අවසන් කො‍ටසයි. මේකත් කියෙව්ව ම ඔයාලට ටයිටැනික් ගැන හුගක් හොදට දැන ගන්න පුළුවන්.

ටයිටැනික් නැව ගිලෙන විට එහි දෙකට කැඩුණු ආකාරයට ම සාගර පත්ලේ තැන්පත් වී ඇති අතර එමගින් නැවේ ඇණියත්, අවරයත් දෙක ම වෙන් වී ඇත. දිය යට ඡායාරූප ගත හැකි, සියුම් ශබ්ද ආදිය පටිගත කළ හැකි අති නවීන කැමරා උපයෝගී කර ගෙන ලබා ගත් ඡායාරූප හෙළි කර ඇත්තේ මීට පෙර කිසිවකු නුදුටු ටයිටැනික් නැවේ කොටස් ය. මෙමගින් නැවේ කදේ ශක්තියත්, එය දිරාපත් වීමට ගත වන කාලයත් නිර්ණය කළ හැකි වී ඇත.
මුහුදු පතුලේ අසරණ ව වැතිරී සිටින ටයිටැනික් නැවේ දැව කොටස් කා දැමීම හා ලෑටි ගෑම භාර ගෙන සිටින්නේ විවිධාකාර වූ මාළුන් ය. නැවේ කදේ ඇති ලෝහ කොටස් බැක්ටීරියා වර්ග හා ක්ෂුද්‍ර ජීවීන් අයිති කර ගෙන ය. ඒ අතරට විවිධ පුස් වර්ග ද එකතු වී ඇත්තේ කැමැත්තෙනි. විශේෂයෙන් ම ක්ෂුද්‍ර ජීවීන් විසින් නැව් බදට කරනා හානිය කෙතරම් ද යත්, මළකඩ ආදිය නිශ්ශබ්ද ව කරන හානියට සම කළ නොහැකි තරම් ය. මළකඩ ලෝහ වලට වින කරන අතර ම රැස් කමින් අපද්‍රව්‍ය ද එකතු කරයි.
ඒ අතර ම ඉදිරිපස නැව් තට්ටුව ද ඉදිරි වසර 20 ඇතුළත අනිවාර්යයෙන් ම පුපුරා වැටෙන බවට සාගර විද්‍යාඥයෝ පවසති. දැනට ඉතිරි ව ඇති සුන්බුන් අතර තිබෙන ලෝහ අමු යකඩ බවට පත් වීමේ අවදානමක් ද පවතී. වඩාත් නරක ආරංචිය වන්නේ අංශු වශයෙන් දිය වෙමින් පවතින මේ ලෝහ සාගරයට එකතු වීමයි. ඊයම්, ලෝකඩ සහ පිත්තල සාගරයට එකතු කරමින් ටයිටැනික් නැව කරන්නේ නරකක් මිස අනෙකක් නම් නොවේ.
නැවේ සුන්බුන් විනාශ වී යාමට මිනිසුන් විසින් සිදු කළ අනුවණ ක්‍රියා ද බොහෝ සේ බලපා ඇත. නැවේ සුන්බුන් අතර තිබී සංරක්ෂණය පිණිස ලබා ගත් වටිනා දෑ මෙන් ම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පැහැරගෙන ගිය දෑ ද බොහෝ ය. ටයිටැනික් සිනමා පටය නිර්මාණය කරන ආකාරයේ සිදු වී ඇති යම් යම් සිදුවීම් ද මේ සදහා උදාහරණ වේ. සබ්මැරීන මගින් නැව මතට අනපේක්ෂිත ලෙස පතිත වීමෙන් සිදු වී ඇති හානිය ද අති විශාල ය. 1500 ක් තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය සොහොනක් බදු ස්ථානය, අතලොස්සක් විසින් විනෝද උයනක් බවට පත් කිරීම කණගාටුදායක බව පවසන්නේ සාගර විද්‍යාඥයෝ ය.
ඉතින් මේ ටයිටැනික් නැවට තමන්ගේ පාඩුවේ සිටින්නට ඉඩ දිය යුතු කාලය නොවේ ද? තමාට අයිති අතීත අයිතියත්, සුන්දරත්වයත් තුරුලේ හොවා ගෙන සාගර පත්ලේ නිදන්නට ටයිටැනික් මග බලා හිදී.

Wednesday, September 8, 2010

ටයිටැනික් සුනේ සුන් ? - පළමු කොටස


අද මං ඔයාලට ගෙනාවේ, මීට අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වෙච්ච දෙයක් ගැන පොඩි විස්තරයක්. 'ටයිටැනික් නැවට අද වෙනකොට මොකක් ද වෙලා තියෙන්නේ කියලා', ඕගොල්ලන්ට මේක කියෙව්ව ම දැනගන්න පුළුවන්. ටයිටැනික් ගැන දන්න අය වගේ ම නොදන්න අයත් ඉන්නවානේ... මේ විස්තරේ ඒ දෙගොල්ලන්ට ම දැන ගන්නයි...
සාගර පත්ල ඉතාමත් නිශ්ශබ්ද ය. බරසාර, අලංකෘත නැව මහල්ලෙකු මෙන් වැතිරී හති අරියි. කොළ පැහැති දිය සෙවල බැදුණු නැව් බද අතීරණාත්මකව වට පිට බලයි, මාළු රෑන් රෑන් නෑගම් යන්නට මෙන් පැමිණ නැව් බද උලා කති. දිය බුබුළු නගමින්, වතුර කළඹමින් මුහුදු පතුලට වන් නවීන කැමරා උපකරණ එතැන ඇති කළේ සුළු පාසු කලබයක් නම් නොවේ. වරල් ගස්සමින් මාළු රෑන් නැව් බදෙන් මෑත් වී ඈතට පීනමින් යන්නේ අවලාද නගමිනි.
"විකාර... මොනාට එනව ද මන් දා?"
අති නවීන කැමරා උපකරණ හරහා මා දුටු දසුනෙන් ඇති වූයේ කම්පනයකි. මේ මා දකින්නේ නැවේ පොදු කාමරයක් විය හැකි ය. සුන් මැද වූයේ කාන්තා පාවහන් යුගලකි. මදක් ඈතින් විශාල හිස පීරන පනාවකි. එතැන ම තවත් කුඩා පාවහන් යුගලකි. එපමණක් නොවේ, එතැන කුඩා වූත්, අලංකාරව තිබිණි යැයි සැක කළ හැකි ආකාරයේ අත් කණ්ණාඩියකි.
දැන් එතැන ඇත්තේ කෙටි කතාන්දරයකි. මම කතාව ගෙතීමට සිතා ඇස් පියා ගතිමි. එහෙත්, හාත් පසින් ඇසෙන සමූහ ඝෝෂාව ඒ සියල්ල අවුල් කර දමයි. පැරණි කතාව යට කරමින් දැන් අලුත් කතාවක් මතු වී ඇත.
පෞඪ ටයිටැනික් නැව මෙතෙක් කල් සුන් බුන් වශයෙන් දිය මත තැන්පත් ව තිබූ අතර අවට ලෝකයා සිනමා පට තනමින්, කතාන්දර ගොතමින් ඉන් සියලු ප්‍රයෝජන ලබා ගතී. එනමුත් ටයටැනික් නැවේ සුන්බුන් ද විනාශ වී යන්නට පටන් ගෙන ඇති බවට සාගර විද්‍යාඥයෝ අනතුරු අගවන්නට ගත් විට, යළිත් ලෝකය ම ඒ දෙස බලා කම්පා වූහ. එහෙත් මද වේලාවක් හිද යලිත් තම තමන්ගේ වැඩ පිළිබද අවධානය යොමු කරන්නට වූහ.
මුහුදුබත් වූ පසු
ටයිටැනික් නැවේ සුන්බුන් ද විනාශ වී යන්නට පටන් ගැනීම සමග මතු වූයේ තව කොපමණ කාලයක් ඒ සදහා ගත වේද යන සැකය යි. සෑම සියලු දෙනාටම මේ ගැන පළ කිරීමට මතයක් තිබිණි. සාගර විද්‍යා පර්යේෂකයකු වන බිල් ලෑන්ග් ට අනුව නැවේ ඇණිය තවත් අවුරුද්දකින් හෝ දෙකකින් කඩා වැටීමට පුළුවන. සෙසු අනාවැකි අනුව තවත් අවුරුදු සියයක් පමණ නැවේ ඇණිය විනාශ නොවී තිබිය හැකි ය.
උතුරු අත්ලන්තික් සාගර පත්ලේ නිදා සිටින ටයිටැනික් නැවේ සුන්බුන් විනාශ වෙමින් පවතින්නේ කොටස් වශයෙනි. නැවේ බද ප්‍රදේශය වෙතට දිගින් දිගට ම පතිත වන චණඩ දිය වැල්, ලෝහ කා දමන මුහුදු ජීවීන් සහ මිනිසුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් මේ සියල්ලට ම මුල් වී ඇත.
නැව් තට්ටුව, නැවේ අවරය ආදිය ඉතාමත් ඉක්මනින් කඩා වැටීය හැකි බවට දැනටමත් අනාවැකි පහළ කර ඇත. නැවෙහි කුඹ ගස පිහිටි ස්ථානයේ ඇති ආවරණය ආදිය ක්‍රමක්‍රමයෙන් විනාශයට පත් වෙමින් තිබේ.


ඊළග කොටසින් නැවත හමුවෙමු......

Thursday, September 2, 2010

Tiny URL (ටයිනි යූආර්එල්)

මට ටික දවසකින් ලියුමක් පෝස්ට් කරන්න බැරි වුණාණේ.. ඒක නිසා අද මං පොඩි ලියුමක් පෝස්ට් කරනවා... ඔයාල ඒකත් බලන්නකෝ.....
මේ 'ටයිනි යූආර්එල්' එක වගේ එකක් මං කලිනුත් දුන්නා... මේකෙන් කරන්නේ වෙබ් ලිපින කෙටි කිරීමයි. එනම් වචන සිය ගණනක් සහිත දීර්ඝ වෙබ් ලිපින කෙටි කර දීමයි. මෙහි දී දිගු වෙබ් ලිපිනය 'ටයිනි යූආර්එල්' වෙබ් අඩවියට ලබා දී ඒ සදහා විශේෂයෙන් කෙටි කල වෙබ් ලිපිනයක් ලබා ගත හැක. එය කලින් ලිපිනය සේම ඕනෑම තැනක දී ක්‍රියාත්මක වේ.

Monday, August 30, 2010

OpenID (ඕපන් අයිඩී)


විවිධ වෙබ් සේවා සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටී. ඒවා අමතක වීමෙන් ඇති වෙන අපහසුතාව මග හරවා ගැනීමට මෙමගින් හැකි වේ. මෙහි ගිණුමක් සාදා ගත් විට විවිධ වෙබ් අඩවි වලට පාස්වර්ඩ් නැතිව ඇතුල් වීමට ඉඩ සලසා දේ.

Thursday, August 19, 2010

රේස් යමු... (DIRT-2)

රේස් යන්න කැමති අයට මේක හුගක් ගැලපෙනවා. DIRT 2 කියන්නේ මෝටර් රථ ධාවන තරගයක්. ගේම් එක ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ කෝඩ්මාස්ටර්ස් (Codemasters) ආයතනය යි. මෙහි දී ක්‍රීඩකයාට, මෝටර් රථ ධාවකයකු ලෙස විවිධ මෝටර් රථ ඛාණඩ යටතේ තරග කිරීමට සිදු වේ.
මෙම ක්‍රීඩාව මගින් සපයන අති දක්ෂ මෝටර් රථ ධාවකයින් 30 ක් සමග කරට කර තරග කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ. මෙහි දී ක්‍රීඩකයා, රථයේ කල යුතු වෙනස් කම් කරමින් තරගයට ආවේනික වූ නීති රීති අනුගමනය කල යුතු ය. සෑම තරගයක දීම ක්‍රීඩකයාට, මෝටර් රථ 2 ක් ලබා දේ. එනම් එකක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක් වුවහොත් අනෙක් රථය භාවිත කිරීමට හැක. මෙහි දී රථයට සිදු වන හානි අවම කර ගැනීම ක්‍රීඩකයාගේ වගකීමකි.
මෙම ක්‍රීඩාවෙන් හොදින් සැකසූ හා දුෂ්කර මාර්ග සහිත ධාවන පථ ලබා දේ. ක්‍රීඩකයා මේ සෑම මාර්ගයක ම, රථ හොදින් හැසිර වීම හා උපරිම දක්ෂතා පෙන්විය යුතු ය. තරගයට සහභාගී වීමට පෙර තරග සංවිධායකවරුන් රථය විශේෂ පරික්ෂාවකට ලක් කරයි. ක්‍රීඩකයා, රථය අනවශ්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇත්නම්, තරග වලින් ඉවත් කිරීම ද සිදු වේ. එවිට ක්‍රීඩකයාට ලැබෙන ලකුණු අඩු වේ.
මෙම ක්‍රීඩාව පුරාවට ම ත්‍රාසජනක සිදුවීම් වලට මුහුණ දීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා වේ. මේ ගේම් එක 'ඇත්ත ධාවන තරගවල' ස්වරූපය ගනී. ඒ වගේ ම මේකේ ත්‍රිමාන (3D) සජීවීකරණය මගින් ඇත්ත ධාවන තරගයක ස්වරූපය පෙන්නුම් කරයි. ඔයාලත් මේක Play කරල ම බලන්න...
පහත වීඩියෝ එක බැලුව ම මේ ගේම් එක මොන වගේ ද? කියල හිතාගන්න පුළුවන්....


Wednesday, August 18, 2010

ඉන්‍ටnet ගැන විස්තරයක්....

මේ ලිපියෙන් Internet විස්තරයේ 3 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. මං ඔයාලට මේකෙ 1 හා 2 වන කොටස් දුන්නනේ. දැන් ඔයාල මේ අවසන් කොටසත් කියවලා ම බලන්නකෝ.


HTTP
‍ දැන් මං කියන්න හදන්නේ Internet වල තියෙන තවත් දෙයක් ගැන. ඒ තමයි http. එහෙනම් දැන් අහගන්නකෝ...

වෙබ් පිටුවක් මත වූ කිසියම් වචනයක් (Hyper-Text) මත Click කල විට එයට අදාල තවත් පිටුවකට යා හැක. මෙසේ ගෙන යන්නේ කවුද? මෙම කාර්යය සිදු කරනු ලබන්නේ එක්තරා පරිගණක වැඩසටහනක් මගිනි. මෙම වැඩසටහනට Hyper-Text Transport Protocol (HTTP) යැයි කියනු ලැබේ.

මේ අනුව HTTP හා HTML යනු එකට බැදුනු සංකල්ප 2 කි. නූතන වෙබ් තාක්ෂණයේ ප්‍රාණය රැදී තිබෙන්නේ මෙම සංකල්ප 2 ක මත ය. මින් එකක් නොමැති ව අනෙකට පැවතිය නොහැක.


HTML
වෙබ් තාක්ෂණය (Hyper-Text) තාක්ෂණය මත පදනම් වී ඇති බව ඔයාල දැනටමත් දන්නවා. කිසියම් ලියවිල්ලක් Hyper-Text තාක්ෂණයට අනුව සැකසීම සදහා භාෂාවක් අව්‍ශ්‍ය ය. මෙම කාර්යය Hyper-Text Mark-up Language (HTML) මගින් සිදු කෙරේ. වෙබ් පිටුවක නමෙහි අග කොටස '.html' ලෙස සදහන් කර ඇති නම් එය html වලින් සෑදූ එකකි.

අද තිබෙන MS-Word වැනි Packages මගින් සෑදෙන Files එකවර html ලෙස save කල හැකි. සාමාන්‍ය අක්ෂර සහිත ඒවාට වඩා Animation ආදිය අන්තර්ගත වෙබ් පිටු සෑදීම තරමක් අසීරු ය. නමුත් මෙවැනි සංකීර්ණ වෙබ් පිටු සෑදීම සදහා ද දැන් Packages තිබේ. ඒවායින් වෙබ් පිටු සෑදීම ඉතා සරල ය.

මේ අතර, JAVA වැනි භාෂාවක් සංකීර්ණ වූ බහු මාධ්‍යමය වෙබ් පිටු නිපදවීමට යොදා ගැනේ. ඒවා JAVA Applets ලෙස හදුන්වයි. මෙම ආකාරයට නිපදවන ලද වෙබ් පිටු JAVA Virtual Machine එකක් මත ධාවනය කරනු ලැබේ. එවිට අදාල තොරතුරු Web-browser එක මත දිස් වේ. කුමන ආකාරයෙන් නිපදවන ලද වෙබ් පිටුවක් Web-browser එකක් මත දී html මගින් හසුරවනු ලැබේ. එනම්, Web-browser එකට තේරුම් ගත හැකි භාෂාව html වේ.

Web URL
සෑම වෙබ් පිටුවක් සදහා ම අනන්‍යය ලිපිනයන් ඇත. එය Uniform Kesource Locator (URL) යන නමින් හැදින් වේ. ලිපිනයක් ප්‍රධාන අංග 2 කින් යුක්ත වේ. ඒවා Protocol වර්ගය හා ලිපිනය වේ. :// සලකුණ මගින් මේ අංග 2 ක වෙන් කරනු ලබයි.

protocol://hostname/path


මෙහි protocol යන්න http වේ. මේ අතර hostname/path මගින් ලිපිනය දැක් වේ. තව ද, hostname යනු පරිගණකයක් සදහා තෝරා ගත් නමකි. ඒවා මෙහි අඩවි ලිපින වේ. එහෙත් අඩවිය තුල තවත් වෙබ් පිටු තිබිය හැක. අදාළ අඩවියක් යටතේ වෙබ් පිටුවල ලිපිනයන් path එක මගින් දිය හැක. මෙහි දී සිදු වනුයේ අදාළ පරිගණකයක් මත Directory හා Sub Directories ඇසුරින් File එකක නමක් දැක්වීමකි. ඉහත File නාමයට html නැමැති දිගුවක් (Extension) දැකිය හැක.

පහත උදාහරණයෙන් මෙය තේරුම් ගත හැක.
http://www.ou.ac.lk/users/asoka.html මගින් අසෝක නැමැති පුද්ගලයාගේ වෙබ් පිටුවක් දැක් වේ. ඉහත, http://www.ou.ac.lk පරිගණකයෙහි users නැමැති Sub Directory එකෙහි අසෝකගේ (asoka.html) වෙබ් පිටුව තබා ඇත. වෙබ් එක මත වූ සෑම වෙබ් පිටුවකට ම එම ආකාරයට ම URL එක බැගින් ඇත.

Internet එකේ තියෙන සෑම විස්තරයක් ම මේ ලිපි පෙළට ඇතුලත් කිරීමට නොහැකි නිසා, මේ පිළිබද පොඩි විස්තරයක් ඉදිරිපත් කලා. මේ විස්තර ටික කියවලා තිබෙන දැනුම තව වැඩි කරගන්න ඇති කියල මං හිතනවා...
මේ වගේ තාක්ෂණය පිළිබද තොරතුරු රැසක් ඉදිරියේ දී, මගේ අඩවියේ දානවා.......
ඔයාල ඒවත් බලන්න, 'රවීගේ අඩවිය' ත් එක්ක දිගට ම "රැදිල" ඉන්න.........