මට හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි වුණානේ. ඒක නිසා අද මං ඔයගොල්ලන්ට හුඟක් වැදගත් ලිපියක් තමයි ලියුවේ. ඔයාල මේක කියවලා බලන්නකෝ..

GPS (Globle Position System) නමින් හඳුන්වන නවීන උපකරණය, අපි ඉන්නේ කොතැන ද අපට ආසන්න නගරය කුමක් ද යන්න සියලු තොරතුරු මෙයින් සපයනව. මෙතෙක් කල් මේ උපකරණය ලංකාවේ බහුතරයක් රථවාහන හිමිකරුවන් අතර ප්‍රචලිත ව තිබුනේ නෑ.
මෙතෙක් කල් රටේ ප්‍රදේශ ජාත්‍යන්තර මට්ටමෙන් සිතියම් ගත කිරීම ප්‍රමාද වූ නිසා GPS තාක්ෂණය ද ප්‍රමාද විය. එහෙත් දැන් සියලු බාධක ඉවත් වූ නිසා මේ තාක්ෂණය ආරම්භ වී ඇත.
GPS උපකරණය තම වාහනයට සවි කර ගැනීම ඉතාමත් පහසු ය. මෙය වාහනයේ ඉදිරිපස සවි කරන කුඩා උපකරණයකි. මෙයින් ලබා ගන්නා සංඥා දත්ත වාහනයේ අතුලත ඇති කුඩා තිරයකින් (රූපවාහිණී තිරයට සමාන) ලබා ගත හැක. මෙයට සංඥා ලබා ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනු ලැබේ.

බාහිර ව සවි කරන උපාංගයක් වන මෙහි කිසිදු මාසික ගාස්තුවක් අය නොකරයි. මෙම යන්ත්‍රය රුපියල් 35000 සිට 49000 දක්වා මිල ගණන් යටතේ ලබා ගත හැක.මෙහි සිංහල, ඉංග්‍රීසි, ජර්මන් ඇතුළු භාෂා කිහිපයක් අන්තර්ගත වේ. මෙහි සිංහල භාෂාව භාවිතා වීම ද සුවිශේෂී කරුණකි.

GPS උපකරණය මිල දී ගනු ලබන පාරිභෝගිකයා ලියාපදිංචි කරනු ලබන අතර ඔහුට එම උපකරණය තමාගේ වගකීම යටතේ ඕනෑම රථයකට සවි කර ගැනීමට හැකි වීම තවත් වාසියකි.
ඉදිරි කාලයේ දී GPS තාක්ෂණය අප රට තුල දී බහුල ව භාවිතා වීම, බොහෝ දෙනාට අතිශය ප්‍රයෝජනවත් වීම නියත ය.
0 comments:
Post a Comment