මේ ලිපියෙන් Internet විස්තරයේ 3 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. මං ඔයාලට මේකෙ 1 හා 2 වන කොටස් දුන්නනේ. දැන් ඔයාල මේ අවසන් කොටසත් කියවලා ම බලන්නකෝ.
HTTP
දැන් මං කියන්න හදන්නේ Internet වල තියෙන තවත් දෙයක් ගැන. ඒ තමයි http. එහෙනම් දැන් අහගන්නකෝ...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhk_zoSOAV_cMvVKkf2VeCzVykkkt53VZmLBZY88pICvw0cxFXUjU9xEm_Aunv8A6EyKzBdxzfry4iCS8jc62FNqBjDbPjbukkhlrV6VOCvl2Ckvk6kkd5ORvuAjr2LfSXXvL8KEuJfLaSR/s320/domain.jpg)
මේ අනුව HTTP හා HTML යනු එකට බැදුනු සංකල්ප 2 කි. නූතන වෙබ් තාක්ෂණයේ ප්‍රාණය රැදී තිබෙන්නේ මෙම සංකල්ප 2 ක මත ය. මින් එකක් නොමැති ව අනෙකට පැවතිය නොහැක.
HTML
වෙබ් තාක්ෂණය (Hyper-Text) තාක්ෂණය මත පදනම් වී ඇති බව ඔයාල දැනටමත් දන්නවා. කිසියම් ලියවිල්ලක් Hyper-Text තාක්ෂණයට අනුව සැකසීම සදහා භාෂාවක් අව්‍ශ්‍ය ය. මෙම කාර්යය Hyper-Text Mark-up Language (HTML) මගින් සිදු කෙරේ. වෙබ් පිටුවක නමෙහි අග කොටස '.html' ලෙස සදහන් කර ඇති නම් එය html වලින් සෑදූ එකකි.
අද තිබෙන MS-Word වැනි Packages මගින් සෑදෙන Files එකවර html ලෙස save කල හැකි. සාමාන්‍ය අක්ෂර සහිත ඒවාට වඩා Animation ආදිය අන්තර්ගත වෙබ් පිටු සෑදීම තරමක් අසීරු ය. නමුත් මෙවැනි සංකීර්ණ වෙබ් පිටු සෑදීම සදහා ද දැන් Packages තිබේ. ඒවායින් වෙබ් පිටු සෑදීම ඉතා සරල ය.
මේ අතර, JAVA වැනි භාෂාවක් සංකීර්ණ වූ බහු මාධ්‍යමය වෙබ් පිටු නිපදවීමට යොදා ගැනේ. ඒවා JAVA Applets ලෙස හදුන්වයි. මෙම ආකාරයට නිපදවන ලද වෙබ් පිටු JAVA Virtual Machine එකක් මත ධාවනය කරනු ලැබේ. එවිට අදාල තොරතුරු Web-browser එක මත දිස් වේ. කුමන ආකාරයෙන් නිපදවන ලද වෙබ් පිටුවක් Web-browser එකක් මත දී html මගින් හසුරවනු ලැබේ. එනම්, Web-browser එකට තේරුම් ගත හැකි භාෂාව html වේ.
Web URL
සෑම වෙබ් පිටුවක් සදහා ම අනන්‍යය ලිපිනයන් ඇත. එය Uniform Kesource Locator (URL) යන නමින් හැදින් වේ. ලිපිනයක් ප්‍රධාන අංග 2 කින් යුක්ත වේ. ඒවා Protocol වර්ගය හා ලිපිනය වේ. :// සලකුණ මගින් මේ අංග 2 ක වෙන් කරනු ලබයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhot2pqlgtHEwKgb-P3ITxUJPF7R4Sqlsew01qd4TbLbKE67N2Li6jVHyEfmMATkrDXyseiqkO9FVv19MH41_D5etHJuNy7IQkBKMT6k8UGPdWUEXKtsxchY8Jm88oKMfitckkzzCxWWu7t/s200/17596-Clipart-Illustration-Of-A-Blue-Globe-With-A-Graph-And-URL-For-The-World-Wide-Web.jpg)
protocol://hostname/path
මෙහි protocol යන්න http වේ. මේ අතර hostname/path මගින් ලිපිනය දැක් වේ. තව ද, hostname යනු පරිගණකයක් සදහා තෝරා ගත් නමකි. ඒවා මෙහි අඩවි ලිපින වේ. එහෙත් අඩවිය තුල තවත් වෙබ් පිටු තිබිය හැක. අදාළ අඩවියක් යටතේ වෙබ් පිටුවල ලිපිනයන් path එක මගින් දිය හැක. මෙහි දී සිදු වනුයේ අදාළ පරිගණකයක් මත Directory හා Sub Directories ඇසුරින් File එකක නමක් දැක්වීමකි. ඉහත File නාමයට html නැමැති දිගුවක් (Extension) දැකිය හැක.
පහත උදාහරණයෙන් මෙය තේරුම් ගත හැක.
http://www.ou.ac.lk/users/asoka.html මගින් අසෝක නැමැති පුද්ගලයාගේ වෙබ් පිටුවක් දැක් වේ. ඉහත, http://www.ou.ac.lk පරිගණකයෙහි users නැමැති Sub Directory එකෙහි අසෝකගේ (asoka.html) වෙබ් පිටුව තබා ඇත. වෙබ් එක මත වූ සෑම වෙබ් පිටුවකට ම එම ආකාරයට ම URL එක බැගින් ඇත.
Internet එකේ තියෙන සෑම විස්තරයක් ම මේ ලිපි පෙළට ඇතුලත් කිරීමට නොහැකි නිසා, මේ පිළිබද පොඩි විස්තරයක් ඉදිරිපත් කලා. මේ විස්තර ටික කියවලා තිබෙන දැනුම තව වැඩි කරගන්න ඇති කියල මං හිතනවා...
මේ වගේ තාක්ෂණය පිළිබද තොරතුරු රැසක් ඉදිරියේ දී, මගේ අඩවියේ දානවා.......
ඔයාල ඒවත් බලන්න, 'රවීගේ අඩවිය' ත් එක්ක දිගට ම "රැදිල" ඉන්න.........
ඔයාල ඒවත් බලන්න, 'රවීගේ අඩවිය' ත් එක්ක දිගට ම "රැදිල" ඉන්න.........
0 comments:
Post a Comment