අද ලෝකයේ ඩෙක්ස්ටොප් පරිගණක කෝටි 150කට වඩා තිබේ. මෙම පරිගණකවල වැඩ කරමින් ඉන්නා අය මෙහි තිබෙන උපරිම ධාරිතාව යොදා ගන්නේ නැත.
මෙම ඉතුරු වන ධාරිතාවෙන් ටිකක් මෙම ව්‍යාපෘතිය සදහා 'වර්ල්ඩ් කමියුනිටි ග්‍රීඩ්' ආයතනය යොදා ගැනීම සිදු කරයි. ලොව පුරා තිබෙන පරිගණක 4000කින් ඉතිරිවන ධාරිතාව යොදා ගෙන මෙය තනා තිබේ. මෙමගින් විවිධ ප්‍රෝටීන වර්ගවල සැකැස්ම තීරණය කරයි.
මෙසේ අධ්‍යනය කරනු ලබන්නේ ඩෙංගු, මැලේරියා, ඒඩ්ස්, පිළිකා යන ආදී රෝග සදහා පිළියම් ලෙස යොදා ගත හැකි ප්‍රෝටීන වර්ග කවරේ ද කියා ය. සාමාන්‍යයෙන් මෙය සිදු කිරීමට බොහෝ කල් යයි. එහෙත් මෙහි දී මෙය ටික කලකින් සිදු කිරීමට හැක.
එම නිසා තම පරිගණකයෙන් ඉඩෙන් ටිකක් ලබා දීම ට අවස්ථාව උදා වේ. මෙහි දී කල යුත්තේ මෙම ආයතනයෙන් ලබා දෙන මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කර ගැනීමයි. මෙය අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වේ. මෙය ඉතා සුරක්ෂිතය.
මෙහි දී සිදුවන කටයුතු පිළිබද පරිශීලකයාට කොහෙත් ම දැනෙන්නේ නැත. පරිශීලකයා අපහසුතාවට පත් නොවේ. ලොකයාගේ සුබ සිද්ධියට දන් දීමේ පින නම් පරිගණකයේ හිමිකරුට ලැබේ.
පහත ලින්ක් එක මගින් පහසුවෙන් මෙයට යා හැක.
0 comments:
Post a Comment