මං අද කියන්න යන්නේ පාලම් ගැන. මේව එසේ මෙසේ ඒව නෙවේ. ලෝකෙන් ම වඩාත් ම බිය ජනක බව උපදවන පාලම් දහයක් ගැන. මේව තියෙන්නේ නම් අපේ රටේ නම් නෙවේ. එහෙනම් කියවලා ම බලන්නකෝ....
අපේ රටේ 'සංගිලි පාලම්' හුඟ දෙනෙකුට නුපුරුදු නිසා ඒවායේ ගමන් කරද්දී අඩුවක් නැතුව බය වෙන්න නම් පුළුවන්. ඒත් ලෝකයේ අනතුරුදායක පාලම් ගැන බැලුවා ම අපේ රටේ 'සංගිලි පාලම්' කොයි තරම් හොඳ ද කියල හිතෙනවා. සංචාරකයින් බියට පත් කරවන, අනාරක්ෂිත ඒ වගේ ම ඇදහිය නොහැකි ස්‍ථාන යා කරමින් ඉදි කර ඇති පාලම් වර්ගීකරණයකට ලක් කර තිබේ. ඒ අනුව ගමන් කරන්නන් තුළ වැඩියෙන් ම බිය ඉපද වීමට සමත් පාලම් දහය තමයි මේ.
ප්‍රංශයේ අයිගුයිලේ ඩු මිඩි පාලම
![]() |
අයිගුයිලේ ඩු මිඩි පාලම |
මේ මතින් ගමන් කරන පුද්ගලයින් වඩාත් ම බියට පත් කරවන පාලම ලෙස සැලකේ. රය ඉදිකර ඇත්තේ ප්‍රංශයේ ඇල්පස් කඳුවැටියේ මුදුන් දෙකක් යා කරමින්. වාසනාවකට වගේ පාලම ඉතා කෙටියි. හරියට ම බැලුවොත් මේ පාලම පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 12,605 ක් ඉහළින් ය.
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රෝයල් ජෝර්ජ් පාලම
![]() |
රෝයල් ජෝර්ජ් පාලම |
මෙය බය හිතෙන පාලම් අතරින් දෙවැනි තැන හිමි කර ගන්නවා. එය ඇමෙරිකාවේ ඉතා වැඩි ම උසකින් පිහිටි එල්ලෙන පාලම ලෙස වාර්තා වී තිබේ. එයට පහළීන් 'අරිකන්සාස් ගඟ' ගලා ගෙන යනවා, මහ පොළොවේ සිට බැලූ විට පාලම පිහිටා තිබෙන්නේ තට්ටු අනූවක ගොඩනැගිල්ලක් තරම් උසකිනි. මේ පාලම මතින් ගමන් කරන්නට ධෛර්ය සම්පන්න වන්නේ සුළු පිරිසක් පමණි.
ස්විස්ටර්ලන්තයේ ට්‍රිෆ්ට් එල්ලෙන පාලම
![]() |
ට්‍රිෆ්ට් එල්ලෙන පාලම |
උතුරු අයර්ලන්තයේ කැරැක් අ රේඩ් රෝප් පාලම
![]() |
කැරැක් අ රේඩ් රෝප් පාලම |
මෙය උතුරු අයර්ලන්තයේ පිහිටා තිබේ. මේ පාලම හරහා ගමන් කරන්න සංචාරකයෝ ඉදිරිපත් වන්නේ කැමැත්තෙනි. එහෙත් යළි ආපසු ඒමේ දී වඩා දිග මාර්ගයක් ඔස්සේ මෝටර් රථය ධාවනය කිරීමට ඔවුන්ගේ මග පෙන්වන්නෝ සැදී පැහැදී සිටී. ඊට හේතුව මේ පාලම හරහා ගමන් ගත් අයකු යළිත් වරක් නම් ඒ මතින් ගමන් නොකිරීමයි. මේ පාලමට පහළින් 100m පමණ ඉහළට විහි දී ගිය උල් වූ ගල් රාශියක් පිහිටා තිබේ.
කැනඩාවේ කපිලානෝ එල්ලෙන පාලම
![]() |
කපිලානෝ එල්ලෙන පාලම |
ඇමරිකාවේ මිඩිගන් ප්‍රාන්තයේ මැකිනැක් පාලම
මැකිනැක් පාලම |
මෙය සැතපුම් පහක් දිගයි. මේ සැතපුම් පහ පසු කරන තුරුම එහි ගමන් ගන්නා අයකුට දැක ගන්නට ලැබෙන්නේ විශාල ජල තලාවක් පමණි. ඒත් වැඩි උසකින් නොවේ. මීදුමෙන් පිරුණා ම මේ පාලම නැරඹීම ඉතාමත් අපහසු යි. මේ පාලම සැබවින් ම සංචාරකයින් භිතියට පත් කරන්න සමත්.
ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම
ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම
![]() |
ප්‍රශ්ටේ ඩෙ ඔජුවේලා පාලම |
ඇමෙරිකාවේ ටේරිලන්ඩ් ප්‍රාන්තයේ මේස ජෙක් බේ පාලම
මේක තවත් බය හිතෙන පාලමක්. මේකෙ නම 'මේස ජෙක් බේ'. මේ පාලම බිය ජනක වන්නේ එය නිරතුරුව අධික චණඩ කුණාටුවලට නිරාවරණය වන නිස යි. අයහපත් කාලගුණය නිසා බොහෝ විට මේ පාලම නොපෙනී යයි. එවිට එහි ගමන් කරන්නන්ට දෙවියන්ගේ ම පිහිටයි. මේ පාලම මේරිලන්ඩ් ප්‍රාන්තයේ නැගෙනහිර හා බටහිර වෙරළ සම්බන්ධ කරනවා. දිගින් සැතපුම් පහක්.
වියට්නාමයේ වඳුරු පාලම
![]() |
වඳුරු පාලම |
පාකිස්ථානයේ හසායිනි පාලම
ලෝකයේ බියජනකම පාලම් අතරින් දහවැනි තැන දිනා ඇත්තේ මෙම පාලමයි. මෙය හන්සා නදියට ඉහළින් ඉදි වී ඇත. මෙම පාලම බිය ජනක ලෙස ජලය මතින් එල්ලෙමින් පවතී. සංචාරකයින්ට මෙය භිතිය ගෙන දුන්නත් පාකිස්ථන ජනතාව නම් මේ පාලම පහසුවෙන් තරණය කරනවා.
පාලම් දෙකක පින්තූර හොයාගන්න බැරි වුණා. ඒක නිසා දාන්න බැරි වුණේ. ඒකට කමක් නෑනේ. මං හිතනවා ඔයාල නොදැන හිටපු දෙයක් ගැන දැනගන්න ඇති කියල...... මේ වගේ අරුම පුදුම දේවල් අරගෙන තව ලිපියකින් ආයෙත් හමුවෙමු..........
"සිළුමිණ"
පත්තරයෙන්
5 comments:
ෂා...... නියමයිනේ.... :b!
Thanksss,,,, මචං........ :d :c
WooooooooW
:o
Thankzzzzzzzzz ආ......... :q :b
WoooooW
Post a Comment