මේ චිත්‍රපටය අමුතු ම වර්ගයේ එකක්. මේ ෆිල්ම් එක කොටස් හතරකටයි තියෙන්නේ. මේක පුරාවට ම ඉතාමත් ත්‍රාසජනක, භයානක ම අත්දැකීම් වලට මෙහි සිටින අයට මුහුණ දීමට යි සිදු වෙන්නේ. මේ ෆිල්ම් එකේ ඉන්න බොහෝ දෙනෙක්ට මරණ බිය තදින් දැනෙනවා. ඒකට හේතුව වෙන්නේ මරණය පිටුපසින් පැමිණ ඔවුන් ව ගොදුරු කර ගන්නා නිසා යි.
මං කිව්වනේ මේ ෆිල්ම් එක අමුතු ම එකක් කියලා. මං ඒ විදියට කිව්වේ ඒකෙ විශේෂත්වයක් තියෙන නිසා. මේ ෆිල්ම් එකේ කොටස් හතරෙ ම මේ විශේෂත්වය ගැබ් වෙලා තියෙනවා. මේකෙ දි සිද්ධ වෙන සෑම මරණයක් ම වෙන්නෙ ස්වභාවික විදියට යි. ඒ කිව්වේ මෙහි සිදු වන සෑම මරණයකට ම කිසිම කෙනෙකු වග කිව යුතු නැහැ. මෙහි ඕනෑම ස්ථානයක දී, කොයිමක හෝ වේලාවක දී, ඕනෑම වයස් මට්ටමක සිටින කෙනෙකුට ජීවිත හානියක් සිදු වීම ට පුළුවන.
මෙහි කොටස් හතරෙම ප්‍රධාන චරිතයට සිටින කෙනාට (ඔහු/ඇය) කිසියම් හෝ කෙනෙකු මරණයට පත් වීමට පෙර එම කෙනා මරණයට පත් වන ආකාරය සිහිනයක් දකිනවාක් මෙන් පෙනේ. කිසියම් තැනක, කිසියම් වේලාවක දී, ඒ ඒ දේ සිදුවීමට පෙර එම සිහිනය ඔහු/ඇය ට පෙනේ. මෙය රාත්‍රියක හෝ දහවලක දී පෙනෙන නිසා වේලාව හරියට කිව නොහැකි බැවින්, මෙය සිහිනයක් ම වීමත් නොහැකි ය. එහෙත් ඔහු/ඇය දකින දෙය අනිවාර්යයෙන් ම ඇත්තක් බවට පත් වේ. මෙහි දී මරණයට ඉලක්ක වූ පුද්ගලයා කිසියම් හෝ ආකාරයකින් මරණයෙන් ගැලවුනහොත් වෙන අවස්ථාවක දී හෝ එම කෙනා අනිවාර්යයෙන් ම මරණයට ගොදුරු වේ.
මේ ෆිල්ම් එකේ නමේ තේරුම වෙන්නේ ‘අවසන් ගමනාන්තය’ කියන එක. මේකට අවසන් ගමනාන්තය කියන් තේරුම දීල තියෙන්නේ ඇයි කියල හරියට ම තේරෙන්නේ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ. මං නම් මේකෙ කොටස් හතරම බලල තියෙන්නේ. නියම ෆිල්ම් එක. මේක හුඟක් කුතුහලය ගෙන දෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් හතරම DVDRip. ඒක නිසා Video & Sound Quality නියමෙට ම තියෙනවා. සේරම ෆිල්ම් 700MB ඒවා. ඔයාලත් මේ ෆිල්ම් එකට කැමති වෙයි... එහෙනම් බලන්නකෝ...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLcG8Ie1Fe3Lnmhir1WhOuMy1nNtz4eJwYYBRFLuXbxrApNXn_g4joZNdrHE1_2crOMPSCxsp1YiFRXj_4G0_L_71TnrJOy7UTOVYyw2GmtQE8rPNEXsdcmm-t6nr8SmBDrlNNJq5OcmZT/s200/FinalDestination_2_poster.jpg)
2 comments:
ආ.... මේ ලිපිය දාල තියෙන්නෙ. කිව්ව වගේම 700 කෑලි.
:b රවිඳු...
මට නම් මේක බාගන්න ලැබෙන එකක් නෑ. උඹ ගත්තු ටික මට දීපං... හොඳේ? :f
Okkk... මචං....
මං දෙන්නං... :e :f
Post a Comment