Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, August 30, 2010

OpenID (ඕපන් අයිඩී)


විවිධ වෙබ් සේවා සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටී. ඒවා අමතක වීමෙන් ඇති වෙන අපහසුතාව මග හරවා ගැනීමට මෙමගින් හැකි වේ. මෙහි ගිණුමක් සාදා ගත් විට විවිධ වෙබ් අඩවි වලට පාස්වර්ඩ් නැතිව ඇතුල් වීමට ඉඩ සලසා දේ.

Thursday, August 19, 2010

රේස් යමු... (DIRT-2)

රේස් යන්න කැමති අයට මේක හුගක් ගැලපෙනවා. DIRT 2 කියන්නේ මෝටර් රථ ධාවන තරගයක්. ගේම් එක ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ කෝඩ්මාස්ටර්ස් (Codemasters) ආයතනය යි. මෙහි දී ක්‍රීඩකයාට, මෝටර් රථ ධාවකයකු ලෙස විවිධ මෝටර් රථ ඛාණඩ යටතේ තරග කිරීමට සිදු වේ.
මෙම ක්‍රීඩාව මගින් සපයන අති දක්ෂ මෝටර් රථ ධාවකයින් 30 ක් සමග කරට කර තරග කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ. මෙහි දී ක්‍රීඩකයා, රථයේ කල යුතු වෙනස් කම් කරමින් තරගයට ආවේනික වූ නීති රීති අනුගමනය කල යුතු ය. සෑම තරගයක දීම ක්‍රීඩකයාට, මෝටර් රථ 2 ක් ලබා දේ. එනම් එකක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක් වුවහොත් අනෙක් රථය භාවිත කිරීමට හැක. මෙහි දී රථයට සිදු වන හානි අවම කර ගැනීම ක්‍රීඩකයාගේ වගකීමකි.
මෙම ක්‍රීඩාවෙන් හොදින් සැකසූ හා දුෂ්කර මාර්ග සහිත ධාවන පථ ලබා දේ. ක්‍රීඩකයා මේ සෑම මාර්ගයක ම, රථ හොදින් හැසිර වීම හා උපරිම දක්ෂතා පෙන්විය යුතු ය. තරගයට සහභාගී වීමට පෙර තරග සංවිධායකවරුන් රථය විශේෂ පරික්ෂාවකට ලක් කරයි. ක්‍රීඩකයා, රථය අනවශ්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇත්නම්, තරග වලින් ඉවත් කිරීම ද සිදු වේ. එවිට ක්‍රීඩකයාට ලැබෙන ලකුණු අඩු වේ.
මෙම ක්‍රීඩාව පුරාවට ම ත්‍රාසජනක සිදුවීම් වලට මුහුණ දීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා වේ. මේ ගේම් එක 'ඇත්ත ධාවන තරගවල' ස්වරූපය ගනී. ඒ වගේ ම මේකේ ත්‍රිමාන (3D) සජීවීකරණය මගින් ඇත්ත ධාවන තරගයක ස්වරූපය පෙන්නුම් කරයි. ඔයාලත් මේක Play කරල ම බලන්න...
පහත වීඩියෝ එක බැලුව ම මේ ගේම් එක මොන වගේ ද? කියල හිතාගන්න පුළුවන්....


Wednesday, August 18, 2010

ඉන්‍ටnet ගැන විස්තරයක්....

මේ ලිපියෙන් Internet විස්තරයේ 3 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. මං ඔයාලට මේකෙ 1 හා 2 වන කොටස් දුන්නනේ. දැන් ඔයාල මේ අවසන් කොටසත් කියවලා ම බලන්නකෝ.


HTTP
‍ දැන් මං කියන්න හදන්නේ Internet වල තියෙන තවත් දෙයක් ගැන. ඒ තමයි http. එහෙනම් දැන් අහගන්නකෝ...

වෙබ් පිටුවක් මත වූ කිසියම් වචනයක් (Hyper-Text) මත Click කල විට එයට අදාල තවත් පිටුවකට යා හැක. මෙසේ ගෙන යන්නේ කවුද? මෙම කාර්යය සිදු කරනු ලබන්නේ එක්තරා පරිගණක වැඩසටහනක් මගිනි. මෙම වැඩසටහනට Hyper-Text Transport Protocol (HTTP) යැයි කියනු ලැබේ.

මේ අනුව HTTP හා HTML යනු එකට බැදුනු සංකල්ප 2 කි. නූතන වෙබ් තාක්ෂණයේ ප්‍රාණය රැදී තිබෙන්නේ මෙම සංකල්ප 2 ක මත ය. මින් එකක් නොමැති ව අනෙකට පැවතිය නොහැක.


HTML
වෙබ් තාක්ෂණය (Hyper-Text) තාක්ෂණය මත පදනම් වී ඇති බව ඔයාල දැනටමත් දන්නවා. කිසියම් ලියවිල්ලක් Hyper-Text තාක්ෂණයට අනුව සැකසීම සදහා භාෂාවක් අව්‍ශ්‍ය ය. මෙම කාර්යය Hyper-Text Mark-up Language (HTML) මගින් සිදු කෙරේ. වෙබ් පිටුවක නමෙහි අග කොටස '.html' ලෙස සදහන් කර ඇති නම් එය html වලින් සෑදූ එකකි.

අද තිබෙන MS-Word වැනි Packages මගින් සෑදෙන Files එකවර html ලෙස save කල හැකි. සාමාන්‍ය අක්ෂර සහිත ඒවාට වඩා Animation ආදිය අන්තර්ගත වෙබ් පිටු සෑදීම තරමක් අසීරු ය. නමුත් මෙවැනි සංකීර්ණ වෙබ් පිටු සෑදීම සදහා ද දැන් Packages තිබේ. ඒවායින් වෙබ් පිටු සෑදීම ඉතා සරල ය.

මේ අතර, JAVA වැනි භාෂාවක් සංකීර්ණ වූ බහු මාධ්‍යමය වෙබ් පිටු නිපදවීමට යොදා ගැනේ. ඒවා JAVA Applets ලෙස හදුන්වයි. මෙම ආකාරයට නිපදවන ලද වෙබ් පිටු JAVA Virtual Machine එකක් මත ධාවනය කරනු ලැබේ. එවිට අදාල තොරතුරු Web-browser එක මත දිස් වේ. කුමන ආකාරයෙන් නිපදවන ලද වෙබ් පිටුවක් Web-browser එකක් මත දී html මගින් හසුරවනු ලැබේ. එනම්, Web-browser එකට තේරුම් ගත හැකි භාෂාව html වේ.

Web URL
සෑම වෙබ් පිටුවක් සදහා ම අනන්‍යය ලිපිනයන් ඇත. එය Uniform Kesource Locator (URL) යන නමින් හැදින් වේ. ලිපිනයක් ප්‍රධාන අංග 2 කින් යුක්ත වේ. ඒවා Protocol වර්ගය හා ලිපිනය වේ. :// සලකුණ මගින් මේ අංග 2 ක වෙන් කරනු ලබයි.

protocol://hostname/path


මෙහි protocol යන්න http වේ. මේ අතර hostname/path මගින් ලිපිනය දැක් වේ. තව ද, hostname යනු පරිගණකයක් සදහා තෝරා ගත් නමකි. ඒවා මෙහි අඩවි ලිපින වේ. එහෙත් අඩවිය තුල තවත් වෙබ් පිටු තිබිය හැක. අදාළ අඩවියක් යටතේ වෙබ් පිටුවල ලිපිනයන් path එක මගින් දිය හැක. මෙහි දී සිදු වනුයේ අදාළ පරිගණකයක් මත Directory හා Sub Directories ඇසුරින් File එකක නමක් දැක්වීමකි. ඉහත File නාමයට html නැමැති දිගුවක් (Extension) දැකිය හැක.

පහත උදාහරණයෙන් මෙය තේරුම් ගත හැක.
http://www.ou.ac.lk/users/asoka.html මගින් අසෝක නැමැති පුද්ගලයාගේ වෙබ් පිටුවක් දැක් වේ. ඉහත, http://www.ou.ac.lk පරිගණකයෙහි users නැමැති Sub Directory එකෙහි අසෝකගේ (asoka.html) වෙබ් පිටුව තබා ඇත. වෙබ් එක මත වූ සෑම වෙබ් පිටුවකට ම එම ආකාරයට ම URL එක බැගින් ඇත.

Internet එකේ තියෙන සෑම විස්තරයක් ම මේ ලිපි පෙළට ඇතුලත් කිරීමට නොහැකි නිසා, මේ පිළිබද පොඩි විස්තරයක් ඉදිරිපත් කලා. මේ විස්තර ටික කියවලා තිබෙන දැනුම තව වැඩි කරගන්න ඇති කියල මං හිතනවා...
මේ වගේ තාක්ෂණය පිළිබද තොරතුරු රැසක් ඉදිරියේ දී, මගේ අඩවියේ දානවා.......
ඔයාල ඒවත් බලන්න, 'රවීගේ අඩවිය' ත් එක්ක දිගට ම "රැදිල" ඉන්න.........

Sunday, August 15, 2010

ඉන්ටnet ගැන විස්තරයක්....

ඔන්න මම පොරොන්දු වුණ විදියට ම කලින් ලිපියෙ 2 වන කොටස ගෙනාව. ඔයාල මේකත් කියවලා ම බලන්නකෝ....

අයිපී ලිපින (IP Addresses)

Internet එකේ තිබෙන තවත් විශේෂ දෙයක් තමයි අයිපී ලිපින කියන්නෙ. මෙමගින් Internet එකට සම්බන්ධ සෑම පරිගණකයක් ම වෙන් වෙන් ව හදුනා ගැනීම සිදු කරයි. මෙම ‍IP Addresses අංක කාණ්ඩ හතරක ආකාරයකට අර්ථ දක්වා ඇත. එම අංක ඛාණ්ඩ තිත් මගින් වෙන් කරනු ලැබේ. මෙහි එක් ඛාණ්ඩයක් තුළ වන උපරිම අගය 256 කි.

ජාත්ත්‍යන්තර සම්මුතියකට අනුව ඒ ඒ රටවලට හා පුද්ගලයන් වෙත IP Addresses පවරා දෙනු ලැබේ. මෙම කාර්යය INTERNIC (Internet Network Information Center) නැමැති ආයතනය මගින් සිදු කරනු ලබයි.


අංක වෙනුවට නාමයන්

අපි හැමෝට ම ලිපිනයන් සදහා නම් භාවිතය, අංක භාවිතයට වඩා හුරු ය. එම නිසා IP Addresses පහත ආකාරයට වූ නම් මගින් දක්වනු ලැබේ. එනම්, ඉහත ලිපිනය maths.ou.ac.lk ආකාරයට දැක්විය හැක. මෙය ඉතා පහසු ය. මෙම IP Addresses වල අංක ස්වභාවය හා නාම ස්වරූපය ගලපන විශේෂ පරිගණක වර්ගයක් අන්තර්ජාලයේ පිහිටුවා ඇත. ඒවා DNS (Domain Names Servers) ලෙස හදුන්වයි. මෙවැනි Server එකක් නොමැති ව අපට අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාලයට සම්බන්ධ විය නොහැක.

කිසියම් Server එකක් සමග Network කරනු ලබන, උප පරිගණක සදහා ලිපිනයක් දැක්වීම ඊළගට සලකා බලමු. සාමාන්‍යයෙන් මේ සදහා ක්‍රම 2ක් භාවිත වේ. එක් ක්‍රමයක් මගින් Web Site ලිපිනයන් ද අනෙක් ක්‍රමය මගින් E-Mail ලිපිනයන් ද දක්වනු ලැබේ. මේ සදහා අමතර සංකේත 2 ක් භාවිතා වේ. ඒවා නම්, // හා @ සලකුණු ය.

Internet එකට සම්බන්ධ වූ Web Sites නැමති පරිගණක දැක්වීම සදහා // සලකුණ ද E-Mail ලිපිනයන් දැක්වීම සදහා @ සලකුණ ද භාවිත කෙරේ.

WWW කියන්නෙ මොකක් ද ?

‍වෙබ් තාක්ෂණය විවිධ අර්ථ දැක්වීම් වලට ලක් කල හැක. වෙබ් තාක්ෂණය යනු අති දැවැන්ත තොරතුරු ගබඩාවක්, අන්තර්ජාලය මත වූ බහු මාධ්‍ය සම්පතක්, ඊළග සියවසේ ප්‍රධානත ම සන්නිවේදන මාධ්‍යයක් හා අන්තර්ජාලය මත වූ ඕනෑ ම සේවාවක් අනුබද්ධ කල හැකි තාක්ෂණයක් යන ආදී වශයෙන් අර්ථ දැක්වීම් කල හැක.

‍ ඉහත සියලු අර්ථ දැක්වීම් හා සසදන ආකාරයට තාක්ෂණික දෘශ්ඨි කෝණයකින් අන්තර්ජාලය අර්ථ දැක්විය හැක. එනම්, Hyper-Text නැමැති තාක්ෂණය භාවිතයෙන් Internet එක මත වූ පරිගණක සමූහයක් යා කර තැනූ පරිගණක ජාලය, WWW (World-Wide-Web) ලෙස හදුන්වනු ලැබේ.මේ අනුව තමන්ට කැමති ඕනෑම Web Site එකක් ඇමතිය හැක.

මේ අනුව පෙනී යන්නේ WWW යනු Internet එක මත වූ Site වර්ගයක එකතුවෙන් තැණුනු ජාලයකි. එහි විශේෂත්වය නම්, මෙම Network එක මත වූ Sites එකිනෙක සම්බන්ධ කර ඇත්තේ Hyper-Text නැමැති තාක්ෂණයක් මගිනි.


මං හිතනව ඔයාල මේ ලිපියෙන් Internet එක ගැන තිබුණු දැනුම තවත් වැඩි කර ගන්න ඇති කියල. මේ "Internet ගැන විස්තරයක්" කියන ලිපිය ටිකක් දිග නිසා අවසානය වන 3 වන කොටස, මම ළගදීම අඩවියේ දානවා......

මෙහි 3 වන කොටස සමගින් නැවත හමුවෙමු.......

Saturday, August 14, 2010

ඉන්ටnet ගැන විස්තරයක්....

ඔයාල බලනව ඇති මං මොකක් ද කියන්න හදන්නෙ කියල. මං අද කියන්න හදන්නෙ Internet (අන්තර්ජාලය) ගැන. එහෙනං හැමෝම අහගන්නකෝ.....

අන්තර්ජාලය (Internet) කියන්නෙ මොකක් ද ?


Internet කියන්නෙ ලෝකයේ විශාලතම පරිගණක ජාලයට. මෙයට ලක්ෂ සංඛ්‍යාත පරිගණක ජාල ගණනක් හා තවත් පරිගණක විශාල සංඛ්‍යාවක් සවි වී තිබේ. මෙම පරිගණක හා ජාල ගණන දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. Internet එක විවිධ සම්පත් වලින් පිරී ඉතිරී පවතී. මෙම සම්පත් අතරින් Software Programs මුල් තැනක් ගනී. ඔබට අවශ්‍ය Software බොහෝමයක් අද අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැක. බොහෝ ඒවා නොමිලේ ලබා දෙයි. අන්තර්ජාලය මගින් විවිධ තොරතුරු නිවසේ සිටම බලා ගැනීමට හැක. අලුත් සොයා ගැනීම් පිළිබදව තොරතුරු, ක්ෂණිකව ව්‍යාප්ත කිරීමට ද Internet යොදා ගැනේ.


මෙම Internet තාක්ෂණය විවිධ කාර්යයන් සදහා යොදා ගැනේ. Internet මගින් තොරතුරු තත්පර ගණනක දී ලොවට හෙළි කල හැක. එපමණක් නොවේ, සාමාන්‍ය තැපැල් සේවය මෙන් සිය දහස් ගුණයකින් වේගවත් මෙන් ම, වෛ‍‍ද්‍ය වාර්තා ආදිය වෙනත් රටක වෙසෙන විශේෂඥ වෛද්‍යවරයකු වෙත යවා උපදෙස් ලබා ගත හැකි තරමට ම Internet දියුණු වී ඇත. රූපවාහිනී විකාශන හා සාප්පු සවාරි යෑමට ද Internet ඉඩ සලසා දී තිබේ. සියලු සම්පත් සදහා මාවත සලසන ප්‍රබල මාධ්‍ය ලෙස අන්තර්ජාලය 'පෙරට' පැමිණ අවසන් ය.
"Internet කියන්නෙ මොකක් ද?" කියන ප්‍රශ්නයට දැන් කෙටි පිළිතුරක් දීමට හැක. ඒ තමයි, Internet කියන්නෙ, 'පරිගණක, පරිගණක ජාල පරිගණක වැඩසටහන්, තොරතුරු හා ඒවා භාවිතා කරන අය යන කොටස් වල එකතුවකි'.
අන්තර්ජාලය කෙතරම් විශාල වුවත් එයට අයිතිකරුවකු නොමැත. එහෙත්, අන්තර්ජාලයට තම පරිගණක සවිකර ඇති නම් එම පරිගණකයෙහි අයිතිය තමාට පවත්වා ගත හැක. Internet එකට සවි කල සෑම පරිගණකයකට ම අනන්‍යය ලිපිනයක් ඇත. එය හදුන්වන්නේ 'IP Address' ලෙස ය.


තව Internet ගැන විස්තර හුගක් තියෙනව කියන්න. ඒ විස්තර කියන්නෙ ඊළග කොටසෙන්. ඔයාල මේක කියවන්නකෝ. ඊළග කොටසෙන් ඉතුරු ඒවා......

"ඉන්ටnet ගැන විස්තරයක්" 2වන කොටස ළගදීම......."

ලිපියට Comment එකකුත් තරුවකුත් දාන්න අමතක කරන්න එපා..........

Thursday, August 12, 2010

සෙබළ කණ්ඩායමක් සොයන්න යමු (RAVEN SQUAD)




මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාව. මේක මීට අවුරුද්දකට කලින් ආපු එකක්.

ඇමේසන් වනාන්තරයට කඩා වැටෙන ගුවන් යානයක සිටින විශේෂ ඇමෙරිකානු නියෝජිතයන් පිරිසක් ගලවා ගැනීමට එම වනාන්තරයට ඇතුළුවන කමාන්ඩෝ භට කණ්ඩායමක මෙහෙයුමක් පාදක කොට ගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.






ඇමේසන් වනයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලියක් මෙම නියේජිත පිරිස හා රහස් තොරතුරු අත්තඩංගුවට ගනී. ඇමෙරිකානු රජය විසින් මොවුන්ව බේරා ගැනීමට මෙම භට කණ්ඩායම පිටත් කරයි. ක්‍රීඩකයාට, හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකත්වය ගැනීමට සිදු වේ.






මොවුන් ගමන් කරන යානාවට ද ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි. මෙහි දී සියලු ම භටයින් දිවි ගලවා ගන්නා අතර එතැන් සිට ක්‍රීඩාව ආරම්භ වේ. නායකයා මුලින් ම කල යුත්තේ නියෝජතයින් ගිය යානය වැටුනු දිශාව සොයා ගැනීමයි. එයට අවශ්‍ය සියලු උපකරණ (Tools) ක්‍රීඩාව මගින් සපයයි.




ත්‍රස්තවාදීන් සමග සටන් කරමින් ඔවුන්ගේ කදවුරට ඇතුළු වී නියෝජිතයින් හා රහස් තොරතුරු නැවත අත්පත් කර ගැනීම වැනි සියලු දේ ක්‍රීඩකයා විසින් සිදු කල යුතු ය. මෙහි දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ කණ්ඩායමේ සියලු ජීවිත ආරක්ෂා කර ගනිමින්, තමන් සතු සීමිත පතරොම් ප්‍රමාණය රැක ගනිමින් උපක්‍රමශීලීව ත්‍රස්තවාදීන්ට මුහුණ දීමයි.

තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම් එකේ ත්‍රිමාන (3D) සජීවීකරණය ඉතාමත් ඉහල මට්ටමක පවතී. එමෙන් ම එහි Sounds ද ඊට දෙවැනි නොවේ.


ඔයාලත් මේක Play කරල ම බලන්නකෝ..........


ගේම් එකට Comment එකක් දාන්න අමතක කරන්න එපා.....
ඒ වගේ ම ලිපියට තරුවකුත් දාන්න.........

Wednesday, August 11, 2010

නියම ගේමක් (Company Of Heroes)

මේක ඇවිල්ලා Map ගේමක්. ඒ කිව්වේ මේක Play කරන කෙනාට ගේම් එක දිස්වෙන්නෙ උඩිනු යි. මේ ගේම් එකේ අපිට කරන්න තියෙන්නෙ සම්පූර්ණ හමුදාවක් මෙහෙය වීමයි. සෙබලුන්‍ට අණ දෙමින්, අවශ්‍ය ස්ථානවලට ගෙන යමින්, නිසි ආකාර‍යෙන් සතුරන්ට පහර දෙමින් මනා සැලසුමක් ඇතිව ගේම් එක Play කිරීමට අවශ්‍ය සියලු උපාංග (Tools) මේ ගේම් එක තුලින් ලබා දේ.

මේ ගේම් එකේ දී තිබෙන සෑම මෙහෙයුමක (Mission) යම් කිසි ප්‍රදේශක් ලබා දේ. එම ප්‍රදේශය පුරා සියලු යුධ කටයුතු සිදු කරයි. එම ප්‍රදේශයේ යම් යම් ස්ථනවල තම හමුදාවේ ලාංඡනය සහිත කොඩිය සිටුවීමට ස්ථාන පිහිටුවා ඇත. සටන් කිරීමෙන් පසු එම කොඩිය සිටු වීමෙන් ප්‍රදේශය තුළ යම් කිසි සීමාවක් තම හමුදා බලයට යටත් වේ. යටත් කරගන්නා ප්‍රදේශ අනුව ක්‍රීඩකයාට ගේම් එක මගින් Points ලබා දේ. එම Points වැඩි කරගනිමින් තම හමුදා බලය වැඩි කිරීම ක්‍රීඩකයාට පැවරෙන වගකීමකි.


මේ ගේම් එකේ ත්‍රිමාන (3D) සජීවීකරණය ඉතාමත් ඉහල ය. එමෙන් ම මෙහි Sounds ද එය හා සමාන ය.


මාත් මේ ගේම් එක Play කරල තියෙනවා. මට මතක හැටියට Missions 15ක් විතර තියෙනවා. හැබැයි එක Mission එකක් ටිකක් දිගයි. 'සිරා' ගේම.

මේ ගේම් එකේ 3.7GB විතර තියෙනවා. ඔයාලත් මේක Play කරලා බලන්නකෝ.


ලිපියට තරුවක් දාන්න අමතක කරන්න එපා....

Monday, August 9, 2010

Firefox 4

මෙය Firefox වෙබ් බ්‍රව්සරයේ අලුත් ම සංස්කරණය වන Firefox 4.0 ය. මෙය අත්හදා බැලී‍මේ සංස්කරණය හෙවත් බීටා සංස්කරණය වේ.

මෙහි අලුත් ගුණාංග රැසක් ඇතුලත් කර ඇත. මෙය "එරෝග්ලාස්" හෙවත් විනිවිද පෙනෙන්නාක් මෙන් නිර්මාණය කර ඇත. එමෙන් ම මෙහි තිබෙන ටැබ්ස් "අල්ලා ගෙන" ඕනෑ තැනකට ගෙන යා හැක.

ටැබ්ස් සහිත ඉන්ටෆේස් එක
මෙනු බට්න් ක්‍රමය
HTML 5 සහ CSS සහය
ඇඩ් මන් මැනේජර්
මල්ටිටච් පහසුකම
වෙබ් ජීඑල් පහසුකම
වෙබ් එම් පහසුකම

ඉහත පහසුකම් සියල්ල මෙයට ඇතුලත් වේ.

මෙම බීටා සංස්කරණය මොසිලා වෙබ් අඩවියෙන් නොමිලේ Download කර ගත හැක.

Tempalias (ටෙම්ප්එලියස්)


මෙය තාවකාලික E-Mail එකවුන්ට්ස් සාදා දෙන වෙබ් සේවාවකි. විවිධ ඔන්ලයින් සේවා සදහා E-Mail ලිපින ඉල්ලන විට තමන්ගේ සැබෑ ලිපිනය වෙනුවට මෙම විකල්ප ලිපිනය භාවිතා කල හැකි ය.

PDF MY URL (පීඩීඒෆ් මයි යූආර්රල්)

තමන්ට අවශ්‍ය වෙබ් අඩවියක පීඩීඑෆ් එකක් සාදා ගැනීමට ඕන නම් මෙම වෙබ් අඩවියෙන් එය සිදු කල හැක.

පීඩීඑෆ් එක සාදා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියේ ලිපිනය මෙම වෙබ් අඩවියෙන් ලබා දෙන බොක්ස් එකේ ලිවිය යුතු ය. ඉන් පසු එය සබ්මිට් කල යුතු ය. එවිට එම පීඩීඑෆ් එක පරිගණකයට Download වේ.

ද ට්විලයිට් සාගා ඉක්ලිප්ස් (The Twilight Saga Eclipse)


මේ ෆිල්ම් එක ජුනි මාසෙ 30 වෙනි ද රිලීස් වුණේ. මේක Twilight ෆිල්ම් එකේ 3න් වන කොටස. 1 & 2 වන කොටස් ඔයාල බලල ඇතිනේ. මේ ෆිල්ම් එකේ විවිධ වර්ගයේ මිනිසුන් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරක් "ඩ්‍රැකියුල" ල. අනෙක් අය "වෘක මිනිසුන්".
මේ දෙගොල්ලො අතරේ ලොකු සටනක් ඇති වෙනව.මෙහි ත්‍රාසය, භීතිය බහුල වශයෙන් ගැබ් වෙලා තියෙනවා. මෙහි 1 හා 2 වන කොටස් නැරඹීමෙන් මෙම 3 වන කොටස තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි.

ඔයාලත් මේ ෆිල්ම් එක බලන්නකෝ. මේක බලල ‍comment එකක් දාන්න අමතක කරන්න එපා.

Sunday, August 8, 2010

ඩිජිටල් තාලෙට දන් දීම


අද ලෝකයේ ඩෙක්ස්ටොප් පරිගණක කෝටි 150කට වඩා තිබේ. මෙම පරිගණකවල වැඩ කරමින් ඉන්නා අය මෙහි තිබෙන උපරිම ධාරිතාව යොදා ගන්නේ නැත.
මෙම ඉතුරු වන ධාරිතාවෙන් ටිකක් මෙම ව්‍යාපෘතිය සදහා 'වර්ල්ඩ් කමියුනිටි ග්‍රීඩ්' ආයතනය යොදා ගැනීම සිදු කරයි. ලොව පුරා තිබෙන පරිගණක 4000කින් ඉතිරිවන ධාරිතාව යොදා ගෙන මෙය තනා තිබේ. මෙමගින් විවිධ ප්‍රෝටීන වර්ගවල සැකැස්ම තීරණය කරයි.
මෙසේ අධ්‍යනය කරනු ලබන්නේ ඩෙංගු, මැලේරියා, ඒඩ්ස්, පිළිකා යන ආදී රෝග සදහා පිළියම් ලෙස යොදා ගත හැකි ප්‍රෝටීන වර්ග කවරේ ද කියා ය. සාමාන්‍යයෙන් මෙය සිදු කිරීමට බොහෝ කල් යයි. එහෙත් මෙහි දී මෙය ටික කලකින් සිදු කිරීමට හැක.
එම නිසා තම පරිගණකයෙන් ඉඩෙන් ටිකක් ලබා දීම ට අවස්ථාව උදා වේ. මෙහි දී කල යුත්තේ මෙම ආයතනයෙන් ලබා දෙන මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කර ගැනීමයි. මෙය අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වේ. මෙය ඉතා සුරක්ෂිතය.
මෙහි දී සිදුවන කටයුතු පිළිබද පරිශීලකයාට කොහෙත් ම දැනෙන්නේ නැත. පරිශීලකයා අපහසුතාවට පත් නොවේ. ලොකයාගේ සුබ සිද්ධියට දන් දීමේ පින නම් පරිගණකයේ හිමිකරුට ලැබේ.

පහත ලින්ක් එක මගින් පහසුවෙන් මෙයට යා හැක.
http://www.worldcommunitygrid.org/

"විජය පරිගණක" සගරාවෙන් උපුටා ගන්නා ලදී.